ඇන්දවීම
ඉහළ පැලැන්තියේ අයට රෙදි පිළි ඇන්දවීමට වැටුප් ලබන සේවකයන් සිටිති. අපට එවන් වියදම් දැරීමට නොහැකි නිසා අපේ ඇඳුම් අපිම ඇඳ ගනිමු. මනාලියන් ඇන්දවීම මේ කාලයේ සරු වෙළඳ ව්‍යාපාරයකි. සමහර මනාලියන් නම් ඇන්දවීමට ගන්නා මුදල තරම්වත් වටින්නේ නැත!
මා දැන් මේ කියන ඇන්දවීම වෙනම කලාවකි. ඔබ කඩේට ගියවිට මුදලාලි ඔබව "අන්දවා" බාල බඩු ඔබට විකුනයි. මේ නිසා මා සිරිතක් ලෙස මුදලාලි තෝරා දෙන බඩු මිළදී නොගනිමි. ඔබ කාර්‍යාලයකට ගියවිට කාර්‍ය සහායක ඔබව අන්දවා සන්තෝෂමක් ඩැහැ ගනී. තවත් සමහරු ඔබේ අවංක කමෙන් අයුතු ප්‍රයෝජන ලැබීමට ඔබව අන්දවයි. ඔබට බැරි වෙලාවත් පොලිසියට යාමට සිදු වුවහොත් නියමිත රාජකාරිය කිරීමට නොහැකි මක් නිසාද කියා ඔබව අන්දන "රාළහාමිලා" බොහෝය. නමුත් අල්ලසක් දුන්විට බැරි රාජකාරිත් ඉබේම කෙරේ. මා 1984 දී පමණ ගාලු රෝහලේ සිට ගෙදර එන ගමන් කොටුවේ "ලෝක වෙළඳ පොලට" ගියෙමි. එතන ඇන්දිලි රාශියකි. ඉන පටි විකුණන මිනිහා ඉනේ ගානට හිල් විද දීමට ඔබව අන්දවා වෙනම අසාධාරණ මුදලක් ඩැහැ ගනී. තවත් තැනක "පිට නැහැ, පිට නැහැ" කියමින් රුපියල් 150 ට විකිනූ කමිසයේ ඇත්තටම පිට පලුව නැත. එහෙම උනත් වෙළෙන්දාට කියන්නට නිදහසට කරුණක් ඇත.
එක් දවසක් වරාය ලඟින් ඇවිද එනවිට, හදිසියේම මිනිහෙක් පෑනක් ගෙන හැර පෑවේ වරායෙන් දැන් "පැන්නූ බඩු" කියාය. එය කඩේ එකල රුපියල් 2.50 ට විකිනුණි. ඔහුගේ මිළ රුපියල් 500ක් විය. මා ඔහුට එහි නියම මිළ කීවේ මාව ඇන්දවීමට නොහැකි බව පෙන්වීමටයි. එවිටම කිනිස්සක් ඉනෙන් ඇදගත් ඔහු "ආහ්, උඹ දන්නවාද? එහෙනම් කට පියාගෙන පලයන්" කියා මට තර්ජනය කලේය. අපට විකල්පයක් නැත. අකැමැත්තෙන් හෝ ඔවුන්ට රැවටිය යුතුය.
මා පුත්තලම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ සමයේ, රෑට රෝහල් වල සිදු වන විෂමාචාර ගැන සෙවීමට හදීසියේම කඩා පැනීමට පුරුදුව සිටියෙමි. මේ නිසා රෝහල් වල බීමත් ගිලන් රථ රියැදුරන් හා කණිෂ්ඨ සේවකයින් වරදට හසු විය. ඉන්පසු ඒවායේ සේවකයින්ගේ විනය හා රාජකාරිද වැඩි දියුණු විය. ඉන්පසු දිසා වෛද්‍ය නිලධාරින් තැත් කලේ මාව අන්දවා ඔවුන් විසින් කලයුතු පරිපාලන කටයුතුද මා මගින් සිදු කරගෙන හැමෝටම "හොඳ මුහුණක්" පෙන්වා ගෙන, තම පෞද්ගලික වෛද්‍ය සේවය සරු කර ගැනීමටයි. මේ නිසා බීමත් සේවකයින්ගේ කටයුතු අධීක්ෂණය නොකිරීම ගැන ඔවුන්ගෙන්ද නිදහසට කරුණු විමසුවෙමි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේදී ඇමති හා ඉහළ නිලධාරින් ඉදිරිපිට අපට වන අසාධාරණ ගැන කථා නොකර මුනිවත රැකි අපේ සහෝදර අධ්‍යක්ෂ වරු, මා ඒවා ගැන නොබියව කථා කරන විට, ඔවුන්ට බලපාන ප්‍රශ්ණද මා මගින් කථා කරවා විසඳා ගැනීමට වෑයම් කලේ මාව "අන්දවා" ඔවුන් "හොඳ මිනිසුන්" වීමටයි. මම ඊට හසු නොවී ඔවුන්ටම ඒවා ඉදිරිපත් කරන ලෙස කීවිට නිශ්ශබ්දව සිටියෝය. නැත්නම් අන්තිමේදී සැමටම "නරක මිනිහා" වන්නේ මාය.
දුවගේ විවාහ උත්සවයේදී ආරාධනා කලයුතු සංඛ්‍යාව ගැන ඇය බිරිඳ සමග වාද කලේ එය 300 ක් විය යුතු බවටයි. බිරිඳ එය 200 ක් වීම ප්‍රමාණවත් බව කීවද ඇය එකඟ නොවීය. මේ නිසා මා යෝජනා කලේ දුවද රැකියාවෙන් වැටුප් ලබන බැවින් වැඩිපුර 100 සදහා හෝටල් ගාස්තු ඇය විසින් ගෙවීම මැනවැයි කියාය. එවිට ඇය කියා සිටියේ "එසේ නම් 200 ක් දෙනා ප්‍රමාණවත්" බවයි! දරුවන්ද අපිව අන්දන අයුරු ඉන් පෙනේ!

Comments
Post a Comment