රුධිර සීනි  හා අධි මේද තත්වයන් පාලනයට උපායන්.
               අපේ ශාරිරික ක්‍රියාකාරිත්වය අඩුවීමේ, පිරිපහදු ආහාර පරිභෝජනයේ හා ආතතිය වැඩි වීමේ අනිවාර්‍ය ප්‍රතිඵලයයි ඉහත රෝග. ඇත්තෙන්ම ඒවා වලක්වා ගැනීමේ නියම විධිය නම්, පිරිපහදු නොකල ආහාර පරිභෝජනය වැඩි කිරීම, ආතතිය අඩු කිරීම හා ක්‍රියාශීලි ජීවිතයයි.
               නමුත් ප්‍රායෝගිකව ඔබට මේ සඳහා දුෂ්කරතා තිබිය හැක. රාජකාරි බහුල බව, පිටතින් ආහාර ගැනීමට සිදුවීම නිසා සිරුරට අහිතකර ආහාර ගැනීමට සිදුවිය හැක. එහිදී භාවිතා කල හැකි උපායන් කීපයක් මෙහි දැක්වේ.
          ඔබට පිෂ්ඨධාතු වැඩි ආහාර ලැබුනේ නම්, එලවළු, පලතුරු කන ප්‍රමාණය වැඩි කිරීම. නිදසුන් ලෙස හොඳින් එලවළු යෙදූ නූඩ්ල්ස් කන විට, පාන් සමග අල පරිප්පු හොදි කන තරම් සීනි මට්ටම නොනගී. එවිට යෝගට්, අයිස්ක්‍රීම් වැනි අතුරුපස වෙනුවට අනිවාර්යයෙන්  කෙදි සහිත පලතුරක්ද කන්න.
               ඔබට රෝල්ස්, කට්ලට් වැනි පේස්ට්‍රි ගණයේ ආහාරයක් කෑමට ඇතිවිට, කෙසෙල් ගෙඩියක් වැනි Anti oxident පලතුරක් සමග කන්න. එවිට ලේවල නගින කොලෙස්ටරෝල් ප්‍රමාණය පාලනය වේ.
            ඔබට ව්‍යායාම කිරීමට  වෙලාවක් නොමැති නම් වැඩට යන අතරදී කාර්‍යාලයට කි. මී. එකක් පමණ මෑතදී වාහනයෙන් බැස, ඉතිරි දුර ලැසි ගමනින් ඇවිද යන්න. අපේ මිනිසුන් කොපමණ කම්මැලිදැයි කිවහොත් ඔවුන්ට අවශ්‍ය, කාර්‍යාලයේ දොර හා බසයේ දොර සමපාත වන විට බසයෙන් බිමට පැනීමටයි! ජපන්නු දුම් රියේ කි. මී. 100 ක් දුර පැමිණ, ඉතිරි දුර කාර්‍යාලයට ඇවිද යති. ඒ දවසේ වයායාමය පිණිසය. ඔවුන් අපට වඩා කාර්‍ය බහුල මිනිසුන් වේ.
                 ඔබ වැඩ කරන ගමන් green music ගණයට අයත් සංගීතයක් මඳ සරින් අසන්න. ඔබේ ගණුදෙනු කරුවන් සමග විහිළුවෙන්, සැහැල්ලුවෙන් රාජකාරි කරන්න. ඔබ කරන රාජකාරිය ඒ අයට මොන තරම් ප්‍රයෝජනවත් දැයි මෙනෙහි කරන්න. එවිට ඔබේ ආතතිය, රැකියාවේ ඒකාකාරි බව හා වැඩ විඩාව නිවී ජීවිතේ විවිධත්වයක් ඇතිවේ.

Comments

Popular posts from this blog

මුත්‍රා ගල් (Urinary Calculi)

දෙමාපියන් ගැන.......