සේලයින් ලබා දීම
           රෝගියෙකු විජලනය වූවිට සේලයින් ද්‍රාවණය ශිරාගත කිරීම සාමාන්‍ය ප්‍රතිකාරයකි. නමුත් රෝගියා බැලීමට එන අයට මෙය අනතුරු හඟවන සංඥාවකි. රෝගියාට අමාරු බවක් ඉන් ඔවුන්ට හැඟේ. හුස්ම ගැනීම පහසු කිරීමට ඔක්සිජන් වායුවද ලබාදී ඇත්නම් ඔවුන්ගේ නිගමනය රෝගියාට අසාධ්‍ය බවත්, ජීවිතය බේරා ගැනීම උගහට බවත්‍ වේ. මෙය සාවද්‍යය. ඇදුම හෝ හෘදයාබාධ රෝගියෙකුට මේ ප්‍රතිකාරය දීම සාමාන්‍ය පිළිවෙතයි.
              අතීතයේදී දැන් මෙන් භාවිතයට සූදානම් කල ප්ලාස්ටික් සේලයින් බෝතල් හෝ නල නොවීය. රෝගියෙකුට සෙර්ලයින් අවශ්‍ය නම් හෙදියට රාජකාරි ගොඩක් පැවරේ. විශේෂ බෝතල්, නල, ඉඳිකටු, ද්‍රාවණය සූදානම් කර වන්ධ්‍යාකෘත කිරීම කලින් කල යුතුය. ඉන්පසු ශල්‍යකර්මයකට මෙන් වෛද්‍යවරයා සැරසී කාර්‍යය ඉටුකෙරේ. දැන්මෙන් සරලව, ආවාට ගියාට දිය නොහැක. මේ නිසා එය විරල ප්‍රතිකාර ක්‍රමයක් විය. මහාචාර්ය රාජසූරිය විසින් කුරුම්බා හා තැඹිලි දියර සේලයින් ලෙස දීමට පර්‍යේෂණද සිදු කලේය. නමුත් අපට අවශ්‍ය සෝඩියම් වෙනුවට එහි වැඩිපුර ඇත්තේ පොටෑසියම් බැවින් එය අසාර්ථක විය. නැත්නම් එය පෙරා ගත් විට Sterile ද්‍රාවණයකි. කෙසේ වුවද ප්‍රවේශම් ලෙස සජලනය කරන විධිය නම් ජීවණී ද්‍රාවණය මුඛයෙන් බොන්නට දීමයි. එසේ නොහැකි, හෝ තද වමනය ඇති රෝගින්ට හෝ හදිසි රෝගින්ට පමණක් සේලයින් දීම යෝග්‍ය වේ. මේ නිසා ඔබ රෝගියෙකු බැලීමට රෝහලට ගිය විට "සේලයින් එකක්වත් දීලා තිබුණේ නැහැ" යනුවෙන් කාර්‍ය මංඩලයට දොස් නොකියන්න. එය වෛද්‍ය මතය අනුව පමණක් සිදු කෙරේ!

Comments

Popular posts from this blog

මුත්‍රා ගල් (Urinary Calculi)

දෙමාපියන් ගැන.......