සතුට හා පැහැපත් බව.
ඔබ රූප ලාවන්‍ය කටයුතු වලට තරමක් වියදම් කරන කෙනෙක්ද? එහි උපරිම ඵල නොලැබූ කෙනෙක්ද? එසේ නම් ඊට හේතු ඇත. එනම් දරා ගත නොහැකි ආතතිය හා කෘතීම ආහාරයි.
අපගේ පිටියුටරි ග්‍රන්ථියෙන් ශ්‍රාවය වන එක් හෝමෝනයකි, Melanocyte stimulating hormone. කෙටියෙන් කිවහොත් MSH. ඔබේ ආතතිය වැඩිවනවිට අධිවෘක්ක ග්‍රන්ථියෙන් නිපදවෙන කෝටිසෝල් හෝමෝනය වැඩියෙන් නිපදවීමට අවශ්‍ය වේ. මේ සඳහා පිටියුටරි ග්‍රන්ථිය වැඩිපුර ACTH නම් හෝමෝනය නිපදවිය යුතුය. ඒ සමග මෙම MSH ද නිපදවේ. එයින් ඔබේ සමේ මෙලනින් වර්ණකය වැඩිපුර නිපදවී ඔබේ පැහැපත් බව අඩුවේ. එනම් චවි වර්ණය තද වේ. මේ සඳහා බලපෑම් කරන තවත් සාධක දෙකකි, අව්වේ හා බඩගින්නේ සිටීම. ඔබේ ඇඳුමින් ආවරණය නොවන සමේ ප්‍රදේශ තද පැහැයක් ගන්නේ මේ නිසාය. හොඳ සමබල ආහාරයක් ගැනීමද ඔබව පැහැපත් කරයි. විශේෂයෙන් අලුත් එළවළු හා පළතුරු වල ප්‍රති ඔක්සිකාරක (Anti oxidents) අඩංගු වන බැවින් ඉන් ඔබේ මුක්ත ඛණ්ඩක (free radicals) උදාසීන කර ඔබේ වයසට යාමේ(aging) වේගය අඩු කරයි. මේ අනුව ඔබ සතුටින් සිටීමද අවශ්‍ය වේ. ඒ සඳහා සරල දිවි පෙවෙත, ව්‍යායාම, විනෝදාශ, ලද පමණින් සතුටු වීම, කලණ මිතුරු ඇසුර, හොඳ නින්දක්, වැනි කරුණු හේතුවේ. සරලව කිවහොත් ආතතිය හා බඩගින්න නිසා ඇති වන Cortosol හෝමෝනය ඔබේ පැහැපත් බව අඩු කරයි.

Comments
Post a Comment