ගුරුකුල
                 අපේ රටේද ගුරුකුල දක්නට ලැබේ. විශේෂයෙන් විශ්ව විද්‍යාල තුලද වෛද්‍ය ක්ෂෙත්‍රයේද මෙසේ තම කුලයේ උන්ගේ පිට කසා ගැනීමේ හා විරුද්ධ ගුරුකුලයට දෙන්නම් බැටේ න්‍යායද පැහැදිලිව දක්නට ලැබේ. දැන් ඊටම දේශපාලකයින්ගේ ගෝල බාලයෝද එක්ව සිටිති. තමුන්ගේ පක්ෂය මොන වරදක් කලත්  එය හොඳය. විරුද්ධ පක්ෂය මොන හොඳක් කලත් එහි දොස් දකිති. මෙය අමු කුහක කමයි.
           විශ්ව විද්‍යාලයේ තම නෑදෑ හිතවතුන්ගේ දරුවන්ට විශේෂ සැලකිලි දැක්වේ. පළමු පන්තියේ සාමාර්ථ , gold medals, ඔවුන්ට සින්න වේ. හොඳම පත්වීම් ඔවුන් උදෙසා නොපුරවා පුරප්පාඩු ලෙස තබා ගනී. ගමේ ලමයෙකු එවැනි දක්ෂතා පෙන්නුවද එය අවතක්සේරු කෙරේ. අපේ විභාග වලදීද එසේය. ප්‍රශ්න පත්‍රයේ නොතේරෙන දෙයක් ගැන  විභාගයේදී තම වර්ගයේ එකෙක් යමක් ඇසුවොත් මුළු පිළිතුරම ඉගැන්වේ. අප ඇසුවොත් "තමුසෙට ඕකවත් තේරෙන්නේ නැද්ද? තේරෙන විදියට ලියනවා!"යයි ගෝරනාඩු කෙරේ. අපේ ප්‍රායෝගික පරීක්ෂණ වලදී රෝගින්ව අපට භාරදී ඔවුන්ගේ රෝගය, පරීක්ෂා ප්‍රතිකාර ගැන ප්‍රශ්ණ කෙරේ. තම වර්ගයාට රෝගින් භාර දෙන්නේ මෙසේය. "Ah, son there is a nice case for you. Take your own time and present the case!" අපට රෝගීන් භාර දෙන්නේ මෙසේය. Hurry up bugger, examine this case, Dont waste our time, ok?" ටිකක් ප්‍රමාද වුවහොත් අපේ ඇඟට කඩා පනී. "You bugger waste our time, hurry up, men!!"
          මේ අපට ඇසට හසුවන දේ පමණි.  තිරය පිටුපස වන දේ අප නොදනී.
           1970 දශකයේ පුවත් පත් වල පොත්, කවි පොත් ගැන බලවත් විචාර පලවිය. ඒවා සමහරක් අතිශයින් පක්ෂග්‍රාහී විය. ඒවායේ පල වූයේ කෘතිය අගය කිරීමේ සටහන් පමණි. නමුත් එම කෘති ගැනම නිර්දය විචාරද පලවිය. ඒවා ලියා තිබුණේ විරුද්ධ ගුරුකුලයේ අය විසිනි. මෙය හැඳින්වුනේ දෙඤ්ඤං බැටේ විචාරය ලෙසයි. පුවත් පත් සමාගම් වලද ඔවුන්ගේ බත් බැලයන් විය. ඔවුන් පලකලේ අදාල ගුරුකුලයේ ලියුම් කරුවන්ගේ විචාර ලිපි පමණි. 
           අපේ අමාත්‍යාංශයේ කලක් පරිපාලන තනතුරක් දැරීමට ඉඩ තිබුණේ, පෙරේරා, ප්‍රනාන්දු, මෙන්ඩිස්, සිල්වා වැනි වාසගම් තිබුණු අයට පමණි.  මෙය එක් කුලයකට පමණක් සීමාවූ ගුරුකුලයක තත්වයකි.
          කවිමඩු ගැන එකල ජනතාවගේ විශේෂ ඇල්මක් විය. මේවායේ කවි වාද පැවැත්විණි. ඒවායේද මේ ගුරුකුල ගැටුම් පැහැදිලිව දක්නට ලැබිණි. සමහරුන්ව නිර්දය විචාරයට ලක් විය.

Comments

Popular posts from this blog

මුත්‍රා ගල් (Urinary Calculi)

දෙමාපියන් ගැන.......