ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි!
මේ හින්දි සිනමා පටය එක් අතෙකින් ප්‍රහසනයකි, අනෙක් අතින් මිනිසාගේ සහජ ලක්ෂණ මේයයි පෙන්වයි. මෙහි ප්‍රධාන නළුවා රිෂි කපූර් විය යුතුය. රන්බිර් කපූර් නම් නළුවා ඔහුගේ පුතාය. ඔහු සමාගමක විධායක නිලධාරියෙකි. විවාහක ඔහුට, ලේකම් වරියකද සිටී. නිවසේ සිටින්නේ බිරිඳ හා එක් පුතෙකි.
මොහුට ලේකම් වරිය හා අහිංසක Romantic ආදරයක් පවතී. ඇය එතරම් රූමත් නොමැති වුවත් තරමක් කාමුක පෙනුමක් ඇත. මොවුහු බොහෝ විට දවල්ට පිටතට ගොස් හෝටලයකින් ආහාර ගනිති. බිරිඳ බැඳ දෙන කෑම මුල කාට හෝ දෙයි. සවසට මල්වත්තට ගොස්, හිඳ අල්ලාපයේ සල්ලාපයේ යෙදෙති. සවස් වී නිවසට පැමිණ බිරිඳට දැනුම් දෙන්නේ අතිකාල වැඩ තිබූ බැවින් ප්‍රමාද වූ බවයි. ඒ හැර වෙනත් ක්‍රියාකාර කම් නැත.
මොහු ආදරවන්තියක් අල්ලා ගන්නේ කදිම උපායකිනි. ඔහු හිත් ගත් අය කාර්‍යාලයට එන විටම, කබඩ් එකකින් ඖෂධ කුප්පි ටිකක් එලියට ගනී. එවිට ඇය විමසන්නේ, යම් අසනීපයකට ප්‍රතිකාර ගන්නේද කියාය. ඔහු දුක්බර මුහුණක් මවාපා කියන්නේ අන්තිම අවුරුදු 8 තිස්සේම බිරිඳ අසාධ්‍ය ලෙස අසනීපව සයන්ගත වී සිටින බවයි. (Bed ridden due to critical illness). ඇයට සියළු උවටැන් කරන්නේ ඔහු බවයි. මේ නිසා පසුගිය අවුරුදු 8 තිස්සේම ඔහුට කිසිම පවුල් දිවියක් හෝ ලිංගික දිවියක් නොමැති බවයි. මෙසේ කියන්නේ මුහුණද හැඬුම් බරව තබාගෙනයි. මේ නිසා අසා සිටින කාන්තාවද හැඟුම් බර වෙයි. ඔහු ගැන දුක හිතෙයි. ඔහු ගැන සැලකිළිමත් වෙයි. උපකාර වීමට සිතෙයි. අන්තිමේ ආදරේ සිතේ. ඔහුටද අවශ්‍ය එයයි.
ඔහුගේ එක්, දින චර්‍යාවකි, උදේ නාන කාමරයේදී දිනපොත ලිවීම. පෙරදා ඇය සමග ගතකල සියල්ල ඔහු මෙහි ලියයි. දිනපොත හංගා ඇත්තේ වැසිකිළියේ උඩින්ම පිහිටා ඇති cistern එක මතයි. දිනක් එහි මකුළු දැල් කැඩීමට පැමිණි බිරිඳ අතින් කොස්ස වැදී මෙය බිම වැටෙයි. එය කියවා බැලු බිරිඳට සියල්ල පැහැදිලි වේ. සවස නිවසට ඔහු ආ ගමන්ම විශාල රංඩුවක් අල්ලන ඇය ඇඳුම් කැඩුම් රැගෙන නිවසින් පිටවී ගමේ යයි. දැන් පුතා සමග මොහු තනිවේ. සියල්ල කණපිට පෙරලී ඇත. ජීවිතය කරදරකාරී වේ.
ඔහු මේ දුක කියන්නේ මිතුරන් සමගයි. ඔවුහු ගමේ ගොස් බිරිඳට යාප්පු වී, කොන්දේසි මත ඇයව ආපසු කැඳවාගෙන එයි. ඇයගේ නියමය නම් දැන් සිටින ලේකම්වරිය අස්කල යුතු බවයි. ඔහු එයට එකඟ වී ලේකම් වරිය මාරු කර හරී. දැන් සියල්ල සන්සුන් වේ.
ඊලඟ දවසේ ඔහු දකින්නේ පෙරටත් වඩා ලස්සණ, කාමුක ලේකම් වරියක් පත්වී, ඔහුගේ කාමරයට එන අයුරුය. පෙර සියළු කරදර අමතක කරන ඔහු, පෙර පරිදිම ඖෂධ කුප්පි නැවත එලියට අදී. එසැනින්ම බිරිඳ ඔහු සමග ඇල්ලූ ජල්ලිය මතක් වී, නැවතත් ඒවා කබඩ් එකට දමා වසයි. නව ලේකම් වරිය මෙය දකී. ඇය හුරතල් වෙමින් ඔහුගෙන් අසන්නේ "Are you not well sir? What's wrong with you sir?" කියාය. නැවත ඔහුට විශාල ආයාසයක් දැරීමට සිදුවන්නේ ඇයව සංසුන් කිරීමටයි. ඇය දිගින් දිගටම හුරතල් වෙමින් ඔහුගේ අසනීපය ගැන අසයි! පෙරදා සතුටින් ඔහු බලාපොරොත්තු වූ ප්‍රතිචාරය දැන් ඔහුට කරදරයකි!

Comments
Post a Comment