ආදරයේ කෝඩු කාරයෝ
ප්‍රථම ප්‍රේමය කීප අතකින් නව අත්දැකීමකි. විරුද්ධ ලිංගිකයෙකුගේ ආකර්ෂණය, ආදරය, සැලකිල්ල, දෙදෙනාටම නවමු සිදුවීම් මාලාවකි. මෙහිදී දෙදෙනාම යම් ෆැන්ටසියකට ඇතුළු වේ. තමාගේ ප්‍රියයාට අන් අයෙක් බැල්මක් හෙළුවොත්, මරාගෙන මැරෙන අන්දමේ ප්‍රතිචාරයක් දීමට මාන බලයි. මෙය සතුන් අතර දැකිය හැකි වනචාරී ලකුණකි. දියුණු මිනිසුන් ඊට වඩා සභ්‍ය ලෙස ආදරය දෙස බැලිය යුතුය. "මට එයා කැමති නම් මගේ ලඟම හිඳීවි!" වැනි විවෘත බවක් හිතේ ඇතිකර ගැනීම දෙදෙනාටම මහත් සහනශීලි හැඟීමකි. නැත්නම් එය පීඩාකාරී හැඟීමක් වී නම් අපේ ආතතිය ඉහළ යයි. ඉන් සිතට සහනයක් නම් නැත.
සෑම දෙයකින්ම අපට අත්දැකීම් ලැබීමේදී, අප මුහුකුරා යා යුතුයි. නැත්නම් ප්‍රථම ආදරය බිඳ වැටුනොත් මහත් ව්‍යසනයක් විය හැක. අනුන්වද මරාගෙන තමනුත් දිවි නසා ගන්නේ එවන් අඥාණයින් වේ. එය නොමේරූ කමයි. ජීවිතය මැදිහත් සිතින් දකීනම් අප අන්තවාදී නොවේ. ආදරය යනු තවත් එක් හැඟීමක් පමණි. එය මුළු ජීවිතයම නොවේ. අපට බොහෝ විකල්ප ඇත. "මුහුදේ ඉන්නේ එක මාළුවාද?" මේ දෙස පැරැන්නන් බැලූ ආකාරයයි.
මා තරුණ කල මට බොහෝ ලැදි වෛද්‍යවරියක විය. නමුත් ඇයගේ පෙම්වතා වන, පොලිස් ස්ථානාධිපති වරයා අප දෙදෙනාවම සැක කර, අපට බොහෝ තර්ජන සිදු කලේය. එය සැබවින්ම morbid jealousy ලෙස මට හැඟේ. එය 1989 ත්‍රස්තවාදී සමය වූ බැවින් අපගේ ජීවිත අනතුරේ විය. මා ඇයට කීවේ විවාහය ඉක්මන් කරන ලෙසයි. මටද ශිෂ්‍යත්වයක් ලැබ විදේශගත වීමට ආසන්න වූයෙන් එම උත්සවයටද යාමට නොහැකිවිය. නමුත් අභාග්‍යයක තරම කීවොත්, මනාලයාට මධුසමය සඳහා ඔහුගේ රාජකාරී ස්ථානය වූ අංගුන කොල පැලැස්සට යාමට සිත් විය. එය එකල මරු කටට යාමක් මෙන් විය. මංගල වාහන පෙරහරට JVP ත්‍රස්ත වාදීන්, විසින් බෝක්කුවක් යට බෝම්බ ඇටවූහ. මනාලියද, මනාලයාගේ සිය පවුලද බෝම්බයට හසුවී මිය ගියහ. මට අදත් සංවේගයෙන් සිහිවන්නේ රැජිනියක මෙන් ලස්සණ, ප්‍රතාපවත් ඇයගේ සිරුර මස් ගොඩක් වී තිබූ ආකාරයයි. මනාලයා වෙනත් ජීප් රථයක වූ බැවින් ඔහු බේරිණි. මාද අවමඟුලට සහභාගී වූ පසුය, ඔහුගේ අස්ථාන සැකය දුරු වූයේ. පසුව ඔහු කැලණිය පොලිස් ස්ථානයේ සේවය කල සමයේ මගේ හොඳම මිතුරෙකු විය. අප කැලණිය වඳින්නට ගිය විට ඔහු අපට බොහෝ ලෙන්ගතුව සැලකීය.
නමුත් ඔහුගේ පුහුදුන් කම පහව නොගියේය. අභාග්‍යයක තරම! දෙවනුව විවාහ වූ ඔහු බිංගිරිය පොලිසියේ ස්ථානාධිපති වී සිටි සමයේ වෙඩි තබාගෙන සිය දිවි නසා ගත්තේය. ආවේගශීලීත්වය හොඳ ආයුධයක් නොවේ! ඔහුගේ වටිනා ජීවිතය අකාලයේ විනාශ විය. අපට හොඳ පොලිස් නිලධාරියෙකු අහිමි විය.

Comments
Post a Comment