සිතු දේ නොලැබීම
      උසස් පෙල පන්තියක ලමුන්ට දැන ගැනීමට අවශ්‍ය වූයේ, විවාහ වීමට හොඳම කෙනෙක් තෝරා ගන්නේ  කෙලෙසද කියාය. ඔවුන්ට හිතවත් ගුරු තුමෙකුගෙන් මේ ගැන විමසීය. ගුරුතුමාට අවශ්‍ය වූයේ විවාහයට අයෙක් තෝරා ගැනීමේදී තරුණ තරුණියන් නිතර කරන වරදක් පෙන්වා දීමටයි.
         ඔහු සියල්ලන්ම කැටුව බඩ ඉරිඟු යායක් වෙත ගියේය. එයට දොරටු 2 ක් වූ අතර ඉදිරිපස බඩ ඉරිඟු එතරම් සරුවට වැවී නොතිබුණි. මේ නිසා පිරිමි ලමුන්ව ඉදිරිපස ගේට්ටුවටද, ගැහැණු ලමයින්ව පිටුපස ගේට්ටුව වෙතද කැඳවීය. එක් අයෙකුට නෙලා ගත හැක්කේ එකම එක කරලක් පමණි යයි පොදු නීතියක් පැනවූ අතර, පිරිමි ලමුන් යායට ඇතුළු විය. ඔවුන් කොපමණ නොඉවසිල්ලෙන් උන්නාද යත් පටන් ගත් තැනදීම කරලක් බැගින් කඩාගෙන යාය පසුපසට ඇවිද ගියෝය. ඔවුන්ට ලොකු පසු තැවීමක් හට ගත්තේ සරුවට වැවුනු ලොකු පුෂ්ඨිමත් කරල් යායේ පසුපස තිබෙනු දැකීමෙනි. නමුත් ප්‍රමාද වැඩිය, දැන් කරලක් නෙලාගෙන අවසන්‍ නිසාය!
                ගැහැණු ලමයි යායේ පසුපසින් ඇතුළු වන විටම හොඳ කරල් දැක්කද, නෙලා ගැනීමට ඉක්මන් නොවූයේ ඊට වඩා හොඳ කරල් යායේ ඉදිරිපසදී හමු විය හැකි බැවිනි. හරියටම කාන්තාවන් සාප්පු සවාරි ගියා වැනිය. නමුත් යායේ ඉදිරිපසට ඒමේදී දැක්කේ කණාටු වී ගිය කරල් නමුත් එකක් නෙලා ගත යුතු බැවින් අකැමැත්තෙන් ඒවා නෙලා ගති. මුලින් හමුවූ පුෂ්ඨිමත් කරල් ගැන ලෝභ සිතී පසුතැවිල්ලක්ද හට නොගත්තා නොවේ.
               ගුරුතුමා ලඟට ආවේ කණාටු කරල් පමණක් රැගත් ගැහැණු හා පිරිමි ලමුන්‍ විය. ගුරුතුමා ඇසුවේ ඊට වඩා හොඳ කරල් යායේ නොතිබුණිද කියාය. දෙගොල්ලම තමන්ට වූ අත් වැරැද්ද ගැන කියා සිටියහ. ගුරුතුමා පෙන්වා දුන්නේ හැම දේකදීම සුදුසුම වෙලාවට (Timely decisions) තීරණ ගැනීමේ වැදගත් කමයි! එය ජීවිතයට බොහෝ සේ වැදගත්වේ! අප්පමාදෝ අමත පදං, පමාදෝ මච්චුනෝ පදං!

Comments

Popular posts from this blog

මුත්‍රා ගල් (Urinary Calculi)

දෙමාපියන් ගැන.......