ගුවන් යානයක් පහත්වී....
අප නේවාසිකාගාරයේ මිදුලේ සෙල්ලම් කරද්දී එක් වරම තරමක සෙල්ලම් ගුවන් යානයක් එහි පහත් විය. අපේ නඩේ එය ඔසවාගෙන ගොස් කෑම ශාලාවට දමා වැසීය.එය 1981 කාලයේ ලක්ෂ භාගයක් පමණ වටිනා එකක් විය. එය පෙට්‍රල් වලින් ක්‍රියාත්මක එංජිමකින්ද සමන්විත විය.
ටික වෙලාවකින් බඩ තඩි මුදලාලි කෙනෙක් බෙන්ස් රථයකින් එහි පැමිණියේය. ගුවන් යානය ගැන විමසූ විට අප කීවේ හමුවුවහොත් ගෙනැවිත් දීමට හැකි බවයි. එසේනම් රුපියල් 1000ක් දෙන බවට ඔහු අපට පොරොන්දු විය. එකල අපේ හොස්ටල් එකේ දිනක ආහාරයට පවා වැයවූයේ රු. 300 ක් පමණ වූ බැවින් මෙය අපට විශාල මුදලක් විය. ඇඳිරි වැටුන පසු සරම් හැඳ ගමේ බයියන් මෙන් අප ගුවන් යානයද කර තබාගෙන සැලැස්කි පෙදෙසේ දී තිබූ ලිපිනය සොයා ගියෙමු. එහිදී මුදලාලි 100 කොල 10 ක් ඇද අප අත තැබුවේ කිසිම පැකිලීමකින් තොරවයි.
ඊලඟට නොසිතූ ප්‍රශ්ණයක් හට ගති. ජ්‍යෙෂ්ඨයින් කීවේ මුළු මුදලින්ම අරක්කු බීමට අවශ්‍ය බවයි. එකල අරක්කු බෝතලයක මිළ වූයේ රු. 40 ක් පමණි. එවිට අපට බෝතල් 50ක් මිළදී ගත හැක. එය ප්‍රායෝගික නොවූයෙන් අප යෝජනා කලේ අරක්කු බෝතල් 5 ක් ගෙන ඉතිරි මුදලින් කුස්සියට අවශ්‍ය දෑ මිළදී ගත යුතු බවයි. කෙසේ හෝ එකල වටිනා කෑම වූ බටර්, ජෑම්, උම්බලකඩ, හොඳ හාල්, පරිප්පු වැනි සලාක බඩු ගෙන ආවෙමු. ජ්‍යෙෂ්ඨයෝ අරක්කු වලින් සප්පායම් වෙමින් සිටියහ. ටික වේලාවකින් කෝකියා මට දැනුම් දුන්නේ ගබඩාව කඩා, ගෙනා බඩු සොරකම් කර ඇති බවයි. වැඩියෙන්ම අරක්කු මිළදී ගතයුතු බව කී හේමන්ත මගේ සැකයට බඳුන් විය. ඔහු එවැනි කඩා කප්පල්කාරී වැඩ කල අයෙකි. වෙරි වී සිටි ඔහුගේ ඉනෙන් හොර රහසේ කාමර යතුර සොරකම් කල මම කීප දෙනෙකු සමග, ඔහුගේ කාමරය පරීක්ෂා කලෙමි. එය සැබවින්ම කිරි මුහුද කැළඹූ අයුරින් දිස් විය. ඔහු අපට කාමරයට ඒමට ඉඩ නොදෙන හේතුවද ඉන් පැහැදිළි විය. අපේ කාමර වලින් නැතිවූ කිරිපිටි, ජෑම්, මේස ලාම්පු, මේස ඔර්ලෝසු, ලස්සණ සුකුරුත්තම් බඩු ගෝනිවල පුරවා එහි සඟවා තිබුණි. අප එදා ගෙනා සලාක බඩුද එහි විය. අපි සියළුම දෑ ඉන් පිට කලෙමු.
මොහුට පාඩමක් ඉගැන්වීමට ඔහුගේ පිඟාන කෝප්පය, ඔර්ලෝසුව, කිරිපිටි, සීනි හා තේකොළ බෝතල ආදී සියල්ල පැහැර ගතිමු. සෙමින් කාමරය වසා, පදමට වෙරිවූ හේමන්තගේ යතුරු කැරැල්ලද ඉනේ ගසා කිසිවක් නොවූ අයුරින් ඔවූන් සමග සිංදු කියා නැටුවෙමු. පසුවදා පාන්දර හේමන්ත හිඟමනේ ආවේ යාබද අපේ කාමරයටයි. "අනේ පෑඩ් මට කෝප්පෙයි කිරිපිටි හැඳි දෙකකුයි දීපන්කෝ! ඊයේ රෑ කවුද මගේ කාමරේට ශුද්දයක් දීලා" යනුවෙන් මැසිවිලි කියමින් ඔහු ගියේය. රහසේ අයිතිකරුවන් කැඳවා ඔහු සොරකම් කර තිබූ බඩු බෙදා හැරියෙමු. සොරා හේමන්ත බව දැනගත් ඔවුහු කෑම මේසයේදී ඔහුට හින්ට් ඇරියෝය. දින දෙක තුනක් යද්දී ඔහුට වැඩේ තේරිණි. මගේ කාමරයට ආ ඔහු "අනේ පෑඩෝ මේ හොස්ටල් එකේ මට ශුද්දයක් දෙන්න පුළුවන් කෙනා උඹ විතරයි" කියමින් ඔහුගේ උපකරණ ඉල්ලා සිටියේය. පෑඩ්, මගේ සුරතල් නාමයයි. ඔහු නරක විකට් එකක ක්‍රීඩා කර තිබුණන් ආරෝවට ආවේද නැත. මම ඔහුගේ ආම්පන්න ආපසු දුන්නෙමි. ඉන්පසු ඔහුගේ එවන් සමාජ විරෝධී ක්‍රියා අවසන් විය. දැන් ඔහුද නාරිවේදය පිළිබඳ මහාචාර්ය වරයෙකි!

Comments
Post a Comment