දියවැඩියා රෝගීන්ගේ රුධිර සීනි අඩුවීම.
              දියවැඩියා රෝගීහු තම රුධිර සීනි  ප්‍රශස්ථ මට්ටමේ තබා ගනු වස් ඖෂධ ගනිති. එය ඖෂධ සමග ගන්නා ඉන්සියුලින් නික්ෂේපණයද සහිත විය හැක. සීනි අපේ සිරුරේ පටක වලට විෂ ද්‍රව්‍යයක් ලෙස ක්‍රියා කරයි. කෙසේ හෝ සීනි මට්ටම පමණට වඩා අඩුවීම, මාරාන්තික විය හැක. මන්ද යත් එය  මි.ග්.  45 ට වඩා අඩුවුවහොත් මොළය මිය යන බැවිනි.
            නමුත් නවතම සොයා ගැනීම නම් එය මි.ග්. 95 ට වඩා අඩුවීමෙන් ඔබේ හෘදයට හා වකුගඩු වලට බලපෑම් සිදු වන බවයි. නිදසුන් වශයෙන් ගත්කල පහසුවෙන් හෘදයාබාධ වැළඳීමේ ප්‍රවනතාවක් ඇති බව සොයා ගෙන ඇත. මෙය අවාසනාවන්ත තත්වයකි. මේ නිසා ඔබේ රුධිර සීනි මට්ටම ගැන සැලකිලිමත් වෙමින් ඖෂධ හා ඉන්සියුලින්  මාත්‍රාව සීරු මාරු කර ගැනීමට වෛද්‍ය සහාය ලබා ගත යුතුය. සිතූමතේ ඖෂධ වෙනස් කිරීමට නොයන්න. එමෙන්ම සීනි මට්ටම හැකිතාක් අඩුවීම වඩා හොඳ යයි නොසිතන්න.
            දියවැඩියා රෝගීන්ගෙන් බහුතරය Fatty liver නම් රෝගී තත්වයෙන් පෙළෙති. මෙය stage 3 ඉක්මවූ විට chirrhosis හා පිළිකා තත්වයට යන බව සත්‍යයකි. සතුටට කරුණ නම්, ඔබ විටමින් E,  මි. ග්. 400 බැගින් දවසට දෙවරක් ගනී නම් මෙය වැළකී ඔබේ අක්මාව නිරෝගී තත්වයට පත් වන බව සොයා ගැනීමයි.
 දියවැඩියාව යනු තවත් රෝග සිය ගණනකට මුලයි. නමුත් සතුටට කරුණ නම් එය හොඳින් පාලනය කෙරේ නම් ඔබට කිසිත් රෝගයක් නොමැති ලෙස සතුටෙන් ගත කල හැකි බවයි!

Comments

Popular posts from this blog

මුත්‍රා ගල් (Urinary Calculi)

දෙමාපියන් ගැන.......