අවසාන මොහොතේ දරුවන් අත් හැරීම
මට නිතර අසන්නට ලැබෙන දුක්ගැනවිල්ලකි මේ. " දැන් පුතා අපි කියන විදියට නොවෙයි වැඩ කරන්නේ. එයාගේ ගෑණු ලමයා කියන විධියටනෙ!"
" දැන් අපේ දුව වැඩ කරන්නේ අපි කියන විධියට නොවෙයි, එයාගෙ මහත්තයා කියන විධියටනෙ!"
මේ අවස්ථා දෙකේදීම එම වැඩිහිටියන්ට අමතක වූ කරුණ නම් දරුවන් දැන් අවුරුදු 18 ට වැඩි නිදහස් වැඩිහිටියන් බවයි. ඔවුන්ට මනාප පරිදි තම ජීවිත හැඩ ගස්වා ගැනීමට නිදහස ඇත. ආදරයෙන් බැඳුණු අය ඔවුන්ට මනාප පරිදි තම අනාගතය ගැන තීරණ ගනිති. ඔවුන් දැන් වැඩිහිටියන්ට නීතියෙන් බැඳී නැත. විවාහ වූ පසු බිරිඳ අයිති සැමියාටය, සැමියා අයිති බිරිඳටයි. ඔවුන් අප හා බැඳී සිටී නම් ඒ අප ඔවුන්ට දක්වන ආදරයට ප්‍රතිචාර ලෙස පමණි. පෙර මෙන් ඔවුන්ව ආණ්ඩු මට්ටු කරනට යානම් ඔවුන් අපව අත් හැර දමනු ඇත. තම සිතැඟි අනුව පමණක් ඔවුන් ක්‍රියාත්මක වේ. මෙතෙක් කල් දෙමාපියන්ට අවශ්‍ය පරිදි ඔවුහු හැසිරුනි. තව දුරටත් එසේ විය යුතුද?
දැන් ඔවුන් රැකියාවක් කරන විවාහක අයයි. එසේ නම් ඔවුන්ට සමාජීය නිදහසක්ද අවශ්‍යයයි. ඔවුන් ඉල්ලා සිටියහොත් පමණක් උපදෙස් දෙන්න. නැතහොත් නිශ්ශබ්දව සිටින්න. දවසට 3 වරක් බෙහෙත් බොන්නට දෙන්නා සේ ඔවුන්ට දුරකථනයෙන් උපදෙස් දීමට නොයන්න. ඔවුන්ව පාලනය කරන්නට නොයන්න. එසේ කලහොත් ලඟදීම ඔබව ඉවතට විසි වනු ඇත. ඉන්පසු මැසිවිලි නොනගන්න. බුදුදහමේ කියවෙන්නේ "තණ්හාය ජායතී ශෝකෝ, තණ්හාය ජායතී භයං" කියාය. ඔබ ඔවුන්ව තදින් අල්ලා ගැනීමට ගියහොත් ලැබෙන්නේ භය හා ශෝකය පමණි. එසේනම් බුරුලෙන් අල්ලා ගන්න! ඔබෙන් මිදී යන්නට වලිකන ගවයාගේ කඹය තදින් අල්ලා ගතහොත් ඔබේ දෑතට කුමක් වේද? ඔබේ ආතතිය ඔවුන්ට දැනවීමට තැත් කලහොත් ඔවුන් ඔබෙන් ඉවතට පලායනු ඇත. ඒ ඔවුන්ට අවශ්‍ය විමුක්තිය ඔබ ලඟ නැති බව ඔබ ඔප්පු කල නිසාය. එය ඇති කෙනෙකු ලඟ ඔවුන් නැවතුනා කියා මැසිවිලි නැගීමේ තේරුමක්ද නැත!

Comments
Post a Comment