පොඩි මිනිසුන් හොඳයි!
මා හලාවත මහ රෝහලට වෛද්‍ය අධිකාරි ලෙස පැමිණි කාලයේ, එහි සේවක සුභ සාධක සංගමයක් නොතිබුණි. ඒ පිළිබඳ විමසූ විට පෙනුනේ සුභ සාධනය කියන වචනය පවා එහි කණිෂ්ඨ සේවකයින්ට නොරුස්සන දෙයක් බවයි. මන්ද යත් ඔවුන්ගේ මුදල් ඉහල නිලධාරින් විසින් වංචා කර තිබීමයි. මේ නිසා මා තීරණය කළේ, නව සුභ සාධක සංගමයේ ගරු භාණ්ඩාගාරික තනතුර කණිෂ්ඨ සේවකයෙකුට පිරි නැමීමටයි. ඉන්පසු ඔවුන්ගේ විශ්වාසය ඒ ගැන තහවුරු විය. නමුත් ඉහළ නිලධාරිහු එය අසුභ දෙයක් ලෙස දුටුවහ. නමුත් නිල බලයෙන් මා සභාපති බැවින් ඔවුනට කල හැකි දෙයක් නොවීය.
නව සුභ සාධක සංගමය කෙටි කලකින්ම දියුණු විය. අපි සයිකල් නැවතුම් පොලක් හා කැන්ටිමක් අරඹා ඊට මුදල් අය කලෙමු. සාමාන්‍ය කම්කරු කුරේරා ඉතා හොඳින් සකසුරුවමින් අවංකව මුදල් උපයා දුනි. අපේ මුදල් තත්වය ලක්ෂ 5 ඉක්මවා ගියේය. 1989 වැනි කලෙක එය විශාල ඉතිරියක් විය.
නමුත් මා 1994 හලාවතින් ස්ථාන මාරු ලබා ඒමට නියමිත වූවිට, කණිෂ්ඨ කාර්‍ය මංඩලය බොහෝ කම්පිතව මා හමුවී ඉල්ලා සිටියේ සමිතියේ මුදල් සාමාජිකයින්ට ලබාදී ගිණුම වසා දමන ලෙසයි. නමුත් රජයේ නීති රීති අනුව එසේ මුදල් වශයෙන් ප්‍රතිලාභ ගෙවිය නොහැකි නිසා, යම් සිහිවටනයක් ප්‍රධානය කිරීමට තීරණය විය. නමුත් සාමාන්‍ය මිනිසුන් වූ ඔවුන්ට ප්‍රයෝජනවත් යමක් දීම ඊට වඩා යහපත් වූයෙන්, අප නිලධාරි මංඩලය, දංකොටුව පෝසිලේන් කම්හලට ගොස් ඒගැන විපරම් කලෙමු. වාසනාවට මෙන් කැරට් 24 රනින් හා රිදියෙන් කැටයම් දැමූ Dinner set එකක් රුපියල් 5700 බැගින් සැපයීමට ඔවුන් පොරොන්දු විය. අප සාමාජිකයින් 370 ක් සඳහා ඒවා ඇණවුම් කර ගෙන්වා ගෙන, වාර්ෂික සම්මේලනය දිනයේදී ප්‍රධානය කලෙමු.
එක ගෙදරින් දෙදෙනෙකු සේවයේ යෙදුන අවස්ථාද ඇති නිසා පිඟන් කට්ටල ගෙදර ගෙන යාමට වාහනයක්ද අවශ්‍ය විය. අනෙක් අය three wheeler වලින් ඒවා ගෙදර ගෙන ගියෝය. සැබවින්ම එය ඔවුන්ට වටිනා අනර්ග ත්‍යාගයක්ම විය. සමහරු පසුව පැමිණ මට කීවේ එහි බත් බෙදාගෙන කෑමට ලෝභ බැවින් විශේෂ අමුත්තන් සඳහා වෙන් කර පරිස්සමට තැබූ බවයි.

Comments
Post a Comment