හදවතේ සිදුරු.
දරුවෙකු ඉපදුන කල අපට ප්‍රශ්ණ රාශියක් සිතට නැගේ. මොහුගේ අත් පා, ඉන්ද්‍රිය නිවැරදිව පිහිටා ඇත්ද? ඒවායේ ක්‍රියාකාරිත්වය සාමාන්‍යද? වැනි ප්‍රශ්ණ නිතැනින්ම සිතට නැගේ. කලල අවස්ථාවේ හදවතේ කුටීර 4 ම එකිනෙකට විවෘතව පවතින මුත් ස්වාධීනව දරුවා හුස්ම ගනිද්දී, කර්ණිකා දෙක අතර සිදුර හා කෝෂිකා දෙක අතර සිදුර ඉබේම වැසී යා යුතුය. නැත්නම් සංකූල තත්වයක් හට ගනී. මෙය Hole in the heart හෙවත් atrial septal defect & ventricular septal defect ලෙස හැඳින්වේ. මේවා සාමාන්‍යයෙන් ලමා කාලය තුල වැසී යා යුතුය. නැත්නම් ශල්‍යකර්මයකින් වසා දැමිය යුතුය. මුල් කාලයේද රුධිර මිශ්‍ර වීමක් හට ගත්තද, එය වමෙන් දකුණට සිදුවන බැවින් සිරුරේ දුවන්නේ පිරිසිදු (Oxygenated blood) රුධිරය බැවින් ජීවිතයට අනතුරක් නැත. හෘදයේ වම් පැත්තේ පීඩනය 120 mm ක් තරම් ඉහල අතර, දකුණු පැත්තේ පීඩනය 25mm තරම් පහලය. මේ නිසාය පීඩනය වැඩි පැත්තේ සිට අඩු පැත්තට පිරිසිදු වූ ලේ ගලා යන්නේ.
නමුත් කල් යත්ම දකුණු පැත්තේද පීඩනය ඉහල නගින බැවින්, පෙනහළු වල රුධිරය පොම්ප වන පීඩනයද ඉහල අගයකට ගොස්, එහි සියුම් කේශ නාලිකා ඝණවී, වායු හුවමාරුවේ කාර්‍යක්ෂමතාව පහල යයි. මේ නිසා එය නිවැරදි කිරීම සඳහා වේගයෙන් හුස්ම ගැනීම හෙවත් හතිය ඇතිවේ. මේ අවස්ථාව වනතුරු ශල්‍යකර්මය පමා වූවායයි සිතන්න. කෝෂිකා අතර බිත්තියේ සිදුර වැසූ ගමන්ම, දකුණු පැත්තේ පීඩනය 25mm ට පහල යයි. මන්දයත් දකුණු කෝෂිකාවෙන් පෙනහළු වලට ලේ පොම්ප කල හැකි පීඩනය එය නිසාය. නමුත් දැන් එහි කේශ නාලිකා හැඩ ගැසී ඇත්තේ, 125mm පීඩනයක් දැරීමටයි. මේ නිසා දැන් දකුණු හෘදයට පෙනහළු කේශ නාලිකා හරහා ලේ පොම්ප කිරීමට නොහැකි වීමෙන් ලේ ඔක්සිජනීකරණය බිඳ වැටේ. මේ නිසා මොළය ඇතුළු වැදගත් ඉන්ද්‍රිය මියයයි. මෙය Eisenmenger's syndrome ලෙස හැඳින්වේ. සුරූපී හින්දි නිළි මධුබාලා මිය ගියේද මේ තත්වයෙනි.

Comments
Post a Comment