යථාර්ථය පිළි නොගැනීම
මිනිසුන් කිසි විටෙක යථාර්ථය පිළි ගැනීමට කැමති නැත. කාලානුරූපව වෙනස් වීමට කැමති නැත. මේ නිසා බොහෝ ප්‍රශ්ණ හට ගනී. නැන්දම්මා හා ලේලි අතර පවතින සදාතනික ගැටුමටද එය එක් හේතුවකි. ගම්‍යතා නියම වලද කියන්නේ එසේය. ඕනෑම වස්තුවක් එක්කෝ නිශ්චලව පවතී, නැත්නම් දී ඇති දිශාවකට එකම ප්‍රවේගයකින් චලනය වේ.
ඔබට දිය වැඩියාව හෝ අධික රුධිර පීඩනය ඇතැයි මහළු වියේ අයෙකුට පැවසුවහොත් එක් වරම කියන්නේ මෙච්චර කල් නම් මොකුත් තිබුනේ නැහැ කියාය. එය සත්‍යයකි, මන්ද යත් මෙතෙක් කල් ඔහු ඒ පිළිබඳව පරීක්ෂා කරගෙන නැත. ඔහු නීරෝගී යයි එයින් ගම්‍ය වන්නේ නැත.
ඔබ දැන් විශ්‍රාම ගත යුතු යයි කීවොත්, කියන්නේ මට තාම වැඩ කල හැකි කියාය. තමන් තවමත් පසු වන්නේ තරුණ වයසේ යයි සිතයි. හතලිස් ඇඳිරිය ඇති අයෙකුට දුර හා ලඟ නොපෙනීම නිසා, උපැස් යුවලක් පැළඳිය යුතුයයි නියම කලහොත්, කියන්නේ තමුන්ට හොඳින් පෙනෙන බවයි. ඒ ඔහු මෙතෙක් කල් පෙනෙන දුර, සාමාන්‍ය (Normal)ලෙස සිතා සිටි බැවිනි.
වාහනයක් ගැන ඔවුන් සිතන්නේත් එලෙසමය. රෝද වල ටයර්, කට්ට රහිත මට්ටමට ගෙවී තිබුනත් කියන්නේ, තව දිවිය හැකි බවයි. හදිසියේ ඉදිරිපස ටයරයක් පුපුරා වාහනය පැත්තට ඇදී ගොස් මාරාන්තික අනතුරක් වන තුරු පාඩමක් ඉගෙන නොගනී. නිවැරදි ක්‍රමය නම් කට්ට වලින් 50% ගෙවුණු පසු නව ටයර් දැමිය යුතු වීමයි. ගියර් පෙට්ටියේ clutch plate ගෙවී pressure plate ක්‍රියා විරහිත වන තුරුම repair කරන්නේ නැත.
සමහරු බරපතල හෘදයාබාධයක ලක්ෂණ දැනෙද්දීත් කියන්නේ එය වාත අමාරුවක් කියාය. මහන්සි වීමේදී එය අසාධ්‍ය වී හදිසියේ මිය යයි. කැස්ස හා උණ තිබෙද්දීත්, සරල ප්‍රතිකාරයක් ගෙන එය සුවකර නොගෙන බරපතල නියුමෝනියාවක් වන තුරු බලා හිඳී.
අප වයසට යාමේදී යම් බරපතල රෝගයක් ඇත්දැයි screening tests මගින් සැක හැර දැන ගත හැකිව තිබෙද්දීත් එම රෝග උත්සන්නවී මරණ මංචකයට යනතුරුත් බලා හිඳී. මෙහිදී පිළිකා රෝග විශේෂයි. ගැබ් ගෙල පිළිකා කලින්ම පැප් පරීක්ෂාවකින් නිර්නය කර සරල ශල්‍යකර්මයකින් සුව කර ගත හැකිව තිබෙද්දීත් එය මාරාන්තික වන තුරු නොසලකා සිටී. වෙද හාමිනේ චරිතය රඟ පෑ නිළියද එම රෝගයෙන්ම මිය ගියාය.
අපේ රෝගින්ට සරල දැනුම් දීමකින් යම් රෝගයක් ගැන අනතුරු හැඟවිය නොහැක. ඔබ මෙයට ප්‍රතිකාර නොගතහොත් අනිවාර්යයෙන්ම මිය යයි කීවොත් නම් ප්‍රතිකාර ලබා ගනී.
morbidity හා mortality අතර වෙනස ඔවුහු නොදනිති. පෝලියෝ රෝගයෙන් මිය යාම mortality වන අතර එයින් අත් පා වල විකෘති ඇතිවීම morbidity නම් වේ. මේ නිසා සමහර රෝග වලින් මිය නොගොස් අපේ ජීවිතය බේරුනත්, එයින් අපේ ජීවිතයේ quality, ජීවිත කාලයටම පුදුම ලෙස පහල යා හැක. මෙය වලක්වා ගැනීමද එකසේ වැදගත් වේ.
මේ ගැන මෝඩයෙකු අනුසාරයෙන් කථාවක් ඇත. වාහනයක් පසුපසට ගැනීමේදී (Reverse) ඔහුට උපදෙස් දී ඇත්තේ හැපෙනවා නම් දන්වන ලෙසයි. ඇත්තෙන්ම එහි ගම්‍ය අර්ථය නම් වාහනය පසුපස යමක හැපෙන්නට පෙර අනතුරු හඟවන ලෙස දැනුම් දීමයි. නමුත් මෝඩයා ඔහුට කිව් ලෙසම වාහනය හැපෙන තෙක් බලා හිඳ, ඔන්න දැන් හැප්පුනා යයි කියනු ඇත. අපේ මිනිසුන්ට රෝග ගැන අනතුරු හැඟවීමද එලෙසමය. දුම්බීමෙන් පෙනහළු පිළිකා වැලඳෙන බව කීවොත් "තාම මොකුත් රෝගයක් නොමැති බව" කියයි. අරක්කු බීමෙන් සිරෝසිස් හැදෙන බව කිවහොත්, "කෝ, තාම මට මොකුත් උනේ නැහැනේ" කියා උදම් අනයි. අපේ මිනිස්සු නරක පුරුදු වල සිතා මතා නොයෙදේ. "තෙල් කැවෙනවා, සිගරට්, අරක්කු ටිකක් පෙවෙනවා"යයි කියති. ඔබේ පීඩනය ප්‍රතිකාර නිසා අඩුවී ඇතැයි කිවහොත්, අධික රුධිර පීඩනය සහිත රෝගියා වහාම ප්‍රතිකාර නවතයි. නැවත පැමිණෙන්නේ අංශභාගය වැලඳුනු පසුවයි. දියවැඩියා රෝගීන්ට, ඔබේ සීනි මට්ටම, ප්‍රතිකාර නිසා සාමාන්‍ය වී ඇතැයි කිවහොත් බෙහෙත් නවතා, යසට සීනි, පිටි හා තෙල් කෑම බුදිනු ඇත.

Comments
Post a Comment