තමුන් වගා කල භෝගයේ අස්වැන්න නෙලීමට සිදුවීම.
අද මා හා දොඩමළු වූ මගේ උගත් මිතුරියක, මා සමග සාකච්ඡා කලේ වියපත් තම ඥාතින්ගේ හුදකලා වීම ගැනයි. ඔවුන්ගේම දරුවන්, කා ඉදිරිපිට වුවද කියන්නේ "අපේ අම්මත් එක්ක එකට ඉන්න අමාරුයි" කියාය. මෙය ශෝචනීය තත්වයකි. දරුවන් තම දෙමාපියන් හුදකලා කොට, තම කූඩුත් රැගෙන විදෙස් රටට හෝ කොළඹට පියඹා ගොසිනි. ඔවුන් මහ ගෙදර තනිවී ඇත. කාගෙත් හව්හරණ අවශ්‍ය වූ මහළු කල ඔවුන් අසරණ වී ඇත. මේ නිසා ඔවුහු තම ඥාති දියණියන්ගේ පිහිට පතති. ඔවුන්ටද කුටුම්භ ඇති බැවින් ඒ ගැන කටයුතු කිරීම අසීරු වී ඇත. අනෙක් කරුණ නම් එය අද කාලයේ සංකීර්ණ ප්‍රශ්ණයකි. වියපත් අයගේ සෞඛ්‍ය හා සමාජීය ප්‍රශ්ණ, පෝෂණය කර උපස්ථාන කිරීම යනාදිය සුළුපටු කරුණු නොවේ. සුළු අත්වැරදීමකදී වුව ඔවුන්ගේම දරුවන් බලා සිටින්නේ අනෙකාට වගකීම පවරා වරද පැටවීමටය. මේ නිසා එය විශාල Liability එකකි. මෙසේ නොවන කාලයට හොඳින් අනුවර්තනය වූ දෙමාපියන්ද වේ. ඔවුන් තමාගේම වුව වැඩිහිටි විවාපත් දරුවන්ගේ වුවද කටයුතු වලට ඇඟිලි නොගසති. විශේෂයෙන් පියවරු එසේය.
වැඩිහිටියන්ට මෙසේ වී ඇත්තේ ඇයි? මේ ඔවුන් දරුවන් තුල වගා කල දේය. කුඩාකල සිට ඔවුන්ට ආත්මාර්ථ කාමිත්වය කුළු ගැන්වූ කල බෙදා හදා ගැනීමක් පුරුදු පුහුණු නොවේ. "අනෙකාට කුමක් වුව කම් නැත, නුඹේ ජාම බේරා ගනින්" මෙය දැන් දෙමාපියන් 5 ශිෂ්‍යත්වයේ සිට ජප කරන මන්ත්‍රයයි. දරුවන්ද එහි වාසිය දැනුනු කල ඊටම හුරුවේ. මේ නිසා අධ්‍යාපනයෙන් මොළයේ වම් අර්ධ ගෝලය පෝෂණය වන කල අධ්‍යාත්මික ගුණ වගාව, දරුවාට අවශ්‍ය මානසික විවේකය හා Recreation නොමැතිව දරුවාගේ දකුණු මොළය ඇට්ටකුණා වේ. පෝෂණය නොවේ. මෙය තුල ආදරය, කරුණාව, පරිත්‍යාගශීලිත්වය, කැපවීම, කළගුණ සැලකීම වැනි ගුනාංග නොවැඩේ. ඒ වෙනුවට අතිශය ආත්මාර්ථකාමිත්වය, කුහක බව, ආචාරශීලි නොමැති බව, රෞද්‍ර හා අකරුණාවන්ත බව, ආතතිය ඔවුන් තුල වැඩේ. මේවා අනිත් අතට ආතතියේ ලක්ෂණද වේ.
අනිත් අතට දෙමාපියන්ද එසේ වූ කල දරුවන්ට කොයින්ද හොඳ ගතිගුණ? දරුවන් ලොකු මහත් වූ කල දැන් ගැටුම පටන් ගනී. මන්ද යත් දැන් ඔවුන් උගෙන විවාහ වී රැකියාවල්ද කරන කල ලැබෙන ස්වාධීනත්වය නිසාය. දෙමාපියන් සිතන්නේ, ඔවුන් තම දරුවන් බැවින්, තවදුරටත් තම අණසක යටතේ සිටිය යුතු බවයි. මේ සියල්ලටම හේතුව වන්නේ මව් වරු තුල විශේෂයෙන් ඇති අධික තෘෂ්ණාවයි. අන් අයව ලිහිලෙන් අල්ලා ගැනීමට නොහැකි බවයි. අත් හැරීමට නොහැකි බවයි. නමුත් දැන් දරුවන් වැඩිහිටියන් බැවින් ඔවුන්ට තීරණ ගැනීමට හැකියාව ඇත. මේ නිසා දෙමාපියන්ගේ උපදෙස්, හණමිටි අදහස් ලෙස ඔවුන්ට දැනී ඒවා ප්‍රතික්ෂේප කරයි. දැන් දෙමාපියනට දැනෙන්නේ දරුවන් තමුන්ව නොසලකා හරින බවයි. මේ නිසා තවත් තදින් ඔවුන්ව අල්ලා ගැනීමට යයි. මෙහිදී ගැටුම ඇරඹේ. ඉන්පසු එක්කෝ ඔවුහු වෙන්ව යති. නැත්නම් දෙමාපියන්ව මහළු නිවාසයකට හැරලති. මේ අවස්ථා දෙකෙහිම වන්නේ අත් හැර දැමීමකි.
මේ වනවිට ඔවුන්ගේ ඇස්, කන්, මාංශ පේශි යනාදීය ක්ෂය වී ගොසිනි. රූපශ්‍රීය වියැකී ගොසිනි. ඒ පිළිබඳ දුකක් හිතට දැනේ. ප්‍රියයන් වෙන්ව ගොසිනි. ආර්ථික අමාරුකම්ද දැනේ. මොළයේ ශෛල මිය ගොස් නිසා Senile dementia ද තරමකට උග්‍රය. මෑත මතකය තබා ගැනීමටද අසීරුය. මේ නිසා එදිනෙදා කටයුතු අඩපණ වේ. නමුත් තමාගේ හා කාලත්‍රයාගේ කටයුතුද කර ගැනීමට සිදුවී ඇත.
මොවුන්ට හුදකලාව කාලය ගත කිරීම අසීරුය. තමාගේ තරුණ කල සිදුවීම් ගැන කියා හිත සතුටු කර ගැනීම අත්‍යාවශ්‍ය වේ. ඒ මෑත මතකයද හීන වී ඇති නිසාය. තමා ගැනම විනාශකාරී සිතුවිලි සිතට නැගේ. "අනේ, මාව මැරිලාවත් යන්නේ නැහැනේ!" කියමින් වික්ශ්ෂෝප වේ. තමාගෙන් දැන් කාටවත් ප්‍රයෝජනයක් නැතැයි සිතයි. අසන්තෝෂ මිනිසුන්ට සිතෙන්නේ අන් අයවත් අසන්තෝෂ කලා නම් ඔවුන්ද තම බෝට්ටුවටම දමා ගත හැකි බවයි. එවිට කාලකන්නි සතුටක් දැනේ. මේ නිසා පව්ලේ අනිත් අයගේ ඕපාදූප ඉතා ඕනෑකමකින් අසාගෙන ඔවුන්ව නිර්දය ලෙස විවේචනයට භාජනය කරයි. එයින්ද කාලකන්නි සතුටක් ලබයි. බොරු කේලාම් කීම මගින් අන් අය අතර ගැටුම් අවුලුවාලයි. ගතු කීම මගින් ඔවුන්ගේ ගැටුම් වලට තවත් ඉන්ධන සපයයි. අන් අය තුල ආතතිය ඇති කරමින් මොවුන් වැරදි අයුරින් වුවද සොයන්නේ නැතිවී ගිය සතුටයි. එක අතකින් මොවුන්ට අනුකම්පා කල යුතුය. ලේලිලා බොහෝ දුක් විඳින්නේ මෙවැනි නැන්දම්මලා ලඟය. තම පුතාගේ ආදරය වෙනත් තරුණ කතකට ලැබී තමුන්ට නොලැබී යාම ඊර්ෂ්‍යාවට කරුණකි. Dementia ආදී ව්‍යාධින්ද මීට එක්වූ කල අපරාධමය චේතනා වුවද ඇති විය හැක. මොවුන්ට උපකාරය සඳහා යන අයට දැඩි ඉවසීමක් හා දරා ගැනීමක් අවශ්‍යය. නැත්නම් තම පවුලේද ප්‍රශ්ණ ඇතිවිය හැක.
මොවුන්ගේ ශිල ව්‍යාපාර අති අසාර්ථකය. ඔවුහු කිසිම විමුක්තියක් නොලබති. තවත් එවැනිම අය සමග තම දුක බෙදාගෙන හඬා දොඩා දානයද භුක්ති විඳ, නැවත සවස අඳුරු ගුහාවට පැමිණෙති. තම ආතතිය පාලනය කිරීමට ඉන් කිසිදු පලක් නොලබති. මොවුන්ට අන් අයගේ ජීවිත අපායක් බවට පත් කරන්නට ගත වන්නේ නිමේශයකි. මේ නිසා කිසිවෙකු ඔවුන්ගේ උපකාරයට ඒමට බියක් දක්වති.

Comments
Post a Comment