ශරීරය තුල සමතුලිත බව

            අප ශරීරය සමතුලිතව තබන්නේ ඇතුළු කනේ ත්‍රිමාණව පිහිටි කර්ණ සංඛය නම් උපකරණයෙනි. මෙය මොළය සමග එක්ව, අපේ මාංශ පේශි වල පිහිටෙන්, අප වැටෙන්නට ගිය විට අපව සමතුලිතව තබයි.
              මීට වඩා සියුම් සමතුලිත බවක් අවශ්‍ය වන්නේ, ශරීර අභ්‍යන්තරයේ PH අගය රැක ගැනීමටයි. එයට දායක වන ඉන්ද්‍රිය දෙකකි වකුගඩු හා පෙනහළු. නිදසුන් වශයෙන්, අප වේගයෙන් හුස්ම ගනිද්දී ලේවල ඔක්සිජන් වැඩිවීමෙන්, PH අගය භාෂ්මික වේ. මෙවිට මොළයේ censors ක්‍රියා විරහිත වී හුස්ම ගැනීම ඉබේම නවත්වයි. එවිටත් ශෛල දිගටම ශ්වසනයේ යෙදී ශක්තිය නිපදවන බැවින්, කාබන් ඩයොක්සයිඩ් වායුව දිගටම නිපදවී, එය ලේවලට කාන්දුවී නැවත ලේවල PH අගය පහල වැටී ආම්ලික වේ. මෙවිට නැවත ඉබේම හුස්ම ගැනීම ඇරඹේ. මේ නිසා අපට රෝගියෙකුට 100% ඔක්සිජන් ලබාදිය නොහැක. එසේ වුවහොත් හුස්ම ගැනීම නවතින්නේ, මොළයේ censors සංවේදීව ක්‍රියාත්මක වන්නේ CO2 වායුවට, එනම් ආම්ළික බවට බැවිනි.
              එලෙසම අපගේ වකුගඩුද, අම්ළ භෂ්ම සමතුලිතතාව (PH) පවත්වා ගැනීමට ක්‍රියාත්මකව පවතී. නිදසුන් ලෙස, අප ඇඹුල් (Acid) ආහාරයක් ගතහොත් ලේවල ආම්ලික බව වැඩිවේ. එවිට ඊට සරිලන අයුරින් වකුගඩු, වැඩිපුර H+ මුත්‍රා වලට එක්කරමින්, ඒ අතරම HCO3- අයන ශෛල තරල හරහා ලේවලට එක්කර PH අගය ස්ථාවර කරයි. මෙලෙස PH අගය පවත්වා නොගතහොත්, K+ ,Na+ හා Ca+ අයන Cl- අයන වලද සමතුලිත බව පවත්වා ගැනීමට නොහැකිව අප මරණයට පවා පත්විය හැක.  පසුව කී අයන අපේ ලේවලට වැඩිපුර ඇතුළු වුවහොත්, ඒවා මුත්‍රා ඔස්සේ බහිස්‍රාවය කිරීමේ හැකියාවද වකුගඩු වලට ඇත. මීට අමතරව, අප ගන්නා ඖෂධ, යූරියා, අක්මාවෙන් ඉවත ලන විෂ, ද්‍රාවමය බිලිරුබින් වර්ණක, මේ සියල්ලම සිරුරෙන් ඉවත් කරයි. අප ජලය වැඩිපුර ගතහොත් එයද මුත්‍රා ලෙස බහිස්‍රාවය වේ. ජලය නොගත හොත්, මුත්‍රා සෑදීම අඩුකර ජලය සංරක්ෂණය කරයි. මේ අනුව අප ශරීරයේ සියුම් සමතුලිතතාවක් පවත්වා ගැනේ.

Comments

Popular posts from this blog

මුත්‍රා ගල් (Urinary Calculi)

දෙමාපියන් ගැන.......