හදිසි අවස්ථා
මගේ වෛද්‍ය ජීවිතයේදී හදිසි අවස්ථා වලට එමට මුහුණ දී ඇත. ඒවා සාර්ථකව ජයගෙන ඇත. මෙය සිදු වූයේ මා වෛද්‍ය සිසුවෙකු සමයේය. එය අපට නිවාඩු පොහොය දිනයකි. නමුත් අපේ ශල්‍ය වෛද්‍ය විශේෂඥ වරයා එදින ශල්‍යකර්ම ලැයිස්තුවක් සකස් කර තිබුණෙන් ඊට උදව් කිරීමට අපව කැඳවා තිබුණි. නමුත් මෙය හොර වැඩකි. මන්ද යත් නිර්වින්දන වෛද්‍යවරයෙකු ඊට කැඳවා තිබුනේ නැත. Local anaesthesia ලබාදී කිරීමට නියමිත වූ ලැයිස්තුවකි එය.
එදවස පෞද්ගලික වෛද්‍ය වෘත්තිය තරඟකාරීව සිදුවූ බැවින්, යම් මුදලක් අත යට ගෙන රෝගීන්ගේ ශල්‍යකර්ම අඩු මුදලට රජයේ රෝහලේදී සිදු විය. රෝගියාටද පාඩුවක් නොවන්නේ අඩු මුදලකට රෝහලේදී එවන් ශල්‍යකර්මයක් කර ගත හැකි බැවිනි. මේ එවන් වැඩකි.
හිරිවට්ටවා Herniotomy & Repair ශල්‍යකර්මය පටන් ගැනිනි. කිසිම වෙනත් වෛද්‍යවරයෙකු එතැන නොවීය. මේ නිසා ශල්‍ය වෛද්‍යවරයා ශල්‍යකර්මය කරන අතරේ නාඩි, හෘද ස්ඵන්දනය හා ශ්වසනය පරීක්ෂාව, ශල්‍යකර්මයට උදව් කිරීම අපට පැවරිණි. හදිසියේම එම ප්‍රදේශයේ ගලන ලේවල පාට, දම් පැහැයට හැරුණි. No pulse, no respiration යයි අදාල සිසුන් දෙදෙනා කීය. ශල්‍ය වෛද්‍යවරයා කලබල වී ශල්‍යාගාරයෙන් එලියට දිව ගියේ වෙනත් වෛද්‍යවරයෙකුගේ සහාය පැතීමටය. නමුත් අප වහා ක්‍රියාත්මක වී, කෘතීම ශ්වසනය හා හෘද සම්භාහනය පටන් ගති. සියල්ල යථා තත්වයට පත් විය. රෝගියාට ඔක්සිජන් ලබා දුන්නේ හෙදිය විසිනි. එය Vaso vagal shock නමැති තත්වයක් නිසා ඇති වූ කම්පනයකි. නමුත් රෝගියා එලොව ගොස් යලි මෙලොව ආවේය.
තවමත් ශල්‍ය වෛද්‍යවරයා නැත. මම ශල්‍යාගාරයක් පාසා ඔහුව සොයා ගියෙමි. හිස ගිනි ගත්තෙකු ලෙස ඔහු තවමත් දුවයි. අවසානයේ ඔහුව නතර කර, සියල්ල හොඳින් සිදුවූ බව කියා ආපසු කැඳවාගෙන ආවෙමි. ඔහුගේ ප්‍රීතිය නිමක් නොවූයෙන් අවසානයේ අපට කේක් සහිත තේ පැන් සංග්‍රහයක්ද ලැබුණි. ඉතිරි ශල්‍යකර්ම සාංකූල නොමැතිව හොඳින් සිදුවිය.

Comments
Post a Comment