අමානුෂිකව වද දුන් රැකියා..
බ්‍රිතාන්‍යයෝ උඩරට කෝපි හා තේ වගා කිරීමේදී, උඩරැටියන්ගේ ඉඩම් මුඩුබිම් පනත යටතේ, අක්කරය ශත 50 ට කොල්ල කෑහ. පහත රට සුද්දන්ගේ ගේට්ටු මුර කල සිංහල මුදලි වරුන්ටද මෙයින් සෞභාග්‍යය උදා විය. මේ අතර එම පැරණි ඉඩම් හිමියන්ට, සුද්දන්ගේ වතු වල කුලී වැඩ කිරීමට බල කලහ. මොනවා වුවද ස්වදේශිකයෝ ඊට අවනත නොවූහ. මේ නිසා දකුණු ඉන්දියාවෙන්, නූගත් කම්කරුවන් මෙහි ගෙන ඒමට සුද්දන්ට සිදු වුනි.
ඔවුන් මෙහි ගෙන ඒමද අමිහිරි කතාවකි. ඉන්දියාවේ සිට දුම් රියෙන් ධනුශ්කොඩියටද, එතන් සිට නැවෙන් මන්නාරමටද ගෙන ආ ඔවුහු බොහෝ අසනීප වලින් පෙළුනාහ. මැලේරියාව, වසූරිය හා කොළරාව වැනි පාචන රෝග වලින් පෙළුනු ඔවුහු බොහෝ ගණනක් මගදී මිය ගියහ. මේ ආර්ථික පාඩුව මග හැරවීම පිණිස සුද්දෝ, පුත්තලමේ හා කුරුණෑගල රෝහලක් බැගින් ඉදි කලහ. දුප්පත් අසරණ කම්කරුවෝ පයින්ම මන්නාරමේ සිට කැලෑව මැදින් පුත්තලමටද, එතැනින් කුරුණෑගලටද, එතැනින් රිදීගම හරහා මාතලේටද ගෙන ගියහ. 1880 වනවිට මාතලේට දුම් රිය පැමිණ තිබුණෙන්, මුදල් ඇති අයට එයින් මහනුවරට ගමන් කිරීමට අවකාශ ලබා දුනි. අනිත් අය පයින්ම නුවරටද, එතැන් සිට වතු කරාද සුදු වතු හිමියෝ කුලී කරුවන් ලෙස ඔවුන්ව රැගෙන ගියහ. මෙය පරිනාමය අනුව වඩාත් ශක්තිවන්තයින් තෝරන පරීක්ෂාවක් මෙන් විය.
ඇත්තෙන්ම අද දින දකුණු ඉන්දියානු කම්කරුවන්ගෙන් පැවත එන අය යම් වරප්‍රසාදයක් භුක්ති විඳීනම්, එය ශත වර්ෂ ගණනක ලේ හා කඳුළු වල ප්‍රතිඵලයකි. ඒ ගැන ඔවුන්ට ඊර්ෂ්‍යා නොකල යුතුය. නමුත් 1960 දශකයේදී සිරිමා ශ්‍රාස්තී ගිවිසුම අනුව, වතු කම්කරුවන් රාශියක්, ඔවුන්ගේ සිවිල් අයිතිවාසිකම් අහෝසි කර බලෙන්ම ඉන්දියාවට යැවූහ. පැරණි පරම්පරාවේ වුන් හැඬූ කඳුලෙන් නව පරම්පරාවේ දරු මුණුපුරන්ගෙන් සමුගන්නා දසුන් එකල පුවත් පත් වල චායාරූප සමග පලවිය. එය සැබවින්ම ශෝකී දසුනකි. අපව එසේ අපේ දරුවන්ගෙන් වෙන් කර වෙනත් රටකට යැව්වා නම් එය අපටද හොඳින්ම දැනෙනු ඇත.
සොච්චම් වැටුපකට අදද වතුවල කඹුරන ඔවුන් බොහෝ මන්ද පෝෂිතය. තේ දළු නෙලන වනිතාවන්ගේ, උදේ දවල් ආහාරය පාන්පිටි වලින් සෑදූ රොටී හා ලුණු මිරිස් වේ. මේ නිසා මොවුන් කොපමණ මහන්සි වුවද දියවැඩියාව වැනි රෝග වලින්ද පෙලේ. රක්තහීන තාවයද උපරිමයෙන් දැකිය හැක. ඔවුන්ට හොඳ නිවාසයක්වත් ලැබී ලැයිම් සංස්කෘතියෙන් අත් මිදිමට හැකිනම් මහත් ආශිර්වාදයකි!

Comments
Post a Comment