හෘද අකරණය (Heart failure)
මෙයින් හැඳින්වෙන්නේ හෘදයට සිරුර හා පෙනහළු හරහා කාර්‍යක්ෂමව රුධිරය පොම්ප කිරීමට නොහැකි වී ඇති බවයි. ලොවේ හඳුනා ගත්, වඩාත් කාර්‍යක්ෂම පොම්පය හෘදයයි. සැතපුම් දහස් ගණනක් ලේ රැගෙන යනවා පමණක් නොව, කේශ නාලිකා ජාලය හරහාද පොම්ප කල රුධිරය, ආපසු ශිරා දිගේ හෘදයටද ගෙන ඒ. එය එපමණ හොඳ පොම්පයකි. නමුත් අපේ අධික ස්ථූලතාවද, අධික රුධිර පීඩනයද, අධික ලෙස වැඩ කිරීමද නිසා හෘදයට වැඩිපුර වැඩ කරන ලෙස අපි බල කරමු. මේ අභියෝගය හෘදය විසින් භාරගෙන ඒ සඳහා කටයුතු කරයි. මෙය hypertrophy of heart muscle ලෙස හැඳින්වේ.
ශරීරයේ නීතිය එයයි. Over used hypertrophy & disused atrophy! මේ අනුව හෘදයේ වම් කෝශිකාව විශේෂයෙන් ඝණකම් වේ. එහි කුටීරයද විශාල වේ. නමුත් කිරීටක ධමණි වලින් ලබාදිය හැකි රුධිරයේ ඔක්සිජන් ප්‍රමාණය වැඩි නොවේ. මේ නිසා අහිතකර තත්ව 2 ක් නිර්මාණය වේ. එනම් පොම්පයක් ලෙස එහි කාර්‍යක්ෂමතාව අඩුවීම හා හෘද පේශියට ඔක්සිජන් අඩුවෙන් ලැබී හෘදයාබාධයක් (myocardial infarction ) වැළඳීමේ සම්භාවිතාව වැඩි වීමයි.
දැන් පෙර මෙන් පොම්පය හොඳින් වැඩ නොකරයි. සිරුර පුරා පොම්ප කරන රුධිරය පෙර මෙන් ශිරා පද්ධතිය ඔස්සේ හෘදයට ආපසු නොපැමිණෙයි. ශිරා වල රුධිරය congest වෙයි. මේ නිසා ගුරුත්වය බලපාන පතුල්, බඩ, තට්ටම් වැනි තැන්වල අමතර තරලය එකතුවී ඉදිමෙයි. (Pitting oedema). කුඩා කන්දක්, පඩි පෙලක් නැංගද හතිය ඇති වෙයි. අවසානයේ විවේකව සිටියදී පවා හතිය ඇති වෙයි. මෙහිදී ප්‍රතිකාර ලෙස සිරුරේ බර අඩු කෙරේ. ශිරා වල Congestion අඩු කෙරේ. අධික රිධිර පීඩනය පාලනය කෙරේ. බර වැඩ කිරීම නැවැත්වේ. හෘදය පරිස්සම් කරන, හෘදයාබාධ වලක්වන ඖෂධ නියම කෙරේ. නමුත් ප්‍රගතිය අවිනිශ්චිතය.

Comments
Post a Comment