ආරේ ගති නෑරේ!
අද මගේ මුහුණු පොතේ share කල ලිපියක් කියැවීමෙන් පසු ඌන පූරණයක් ලෙස මට මෙය ලිවීමට සිත් විය. අපේ ජනවහරේ මේ ගැන කියමන් කීපයක් වේ. "ආරේ ගති නෑරේ", "අප්පා කල දේ පුතා නොකලොත් ඌ නොට්ටිගේ පුතා", "ගහේ කටු උල් කරන්න ඕනේ නැහැ" වැනි කියමන් මේ සංසිද්ධිය සමග ගැලපේ.
පෙරකී ලියුම්කරුගේ විවාහය අසාර්ථක වූයේ බිරිඳගේ කලහකාරී හැසිරීම් රටාව නිසාය. ඊට හේතුව ලෙස ඔහු දැක්කේ ඇයගේ දෙමාපියන්ද එවැනිම කලහ කරුවන් වූ නිසා ඇය හැදුණු පරිසරයෙන් ඇයට මේ හැසිරීම ඇතිවූ නිසාත් වේ. මෙය සත්‍යයකි. අප වටා පරිසරය හොඳට නරකට දෙකටම බලපායි.
අද මා වෙත ආ රෝගී කතකගේ මුහුණෙන් දිස් වූයේ, අප්‍රසන්න පෙනුමකි. ඒ ඇය අවලස්සණ නිසා නම් නොවේ. ඇය කිසිම දෙයකින් තෘප්තිමත් නොවන බව පැහැදිලිව පෙනුණි. ඇය, ඇයවම තදින් අල්ලා ගෙන සිටින නිසා, පුදුම ආතතියකින් පෙලුණි. පුතුන් සමග ආ නිසා ඇයගේ ස්වාමි පුරුෂයා ගැන මට අදහසක් ඇති කර ගැනීමට නොහැකි විය. නමුත් අවුරුදු 20ක් පමණ අපමණ දරා ගැනීමක් ඔහු විසින් කර ඇති බව නම් පැහැදිලිය. ඇය කවදාවත් සිනාසී ඇති බවක් මට නොදැනුණි. ඇයට අවශ්‍ය වූයේ මාවත් එම ආතති තත්වයට පත් කිරීමටය. පුතුන් දෙදෙනා ඇය ගැන නිවැරදි විස්තරයක් මට ඉදිරිපත් කලේය. ඔවුන් ඉතා ඥාණවන්ත බව මට වැටහුණි. එවන් බිරිඳක් ලද සැමියෙකුට නම් කිසිදා නිවීමක් නැත.
ගැහැනියක් හා විවාහ වීමට අවශ්‍ය නම් පළමුව ඇයගේ මව ඇසුරු කරන ලෙස වූ ස්පාඤ්ඤ කියමනක් ඇත.එයින් තමන්ගේ විවාහ අපේක්ෂිත කාන්තාව ගැන යම් අදහසක් ගැනීමට හැකිවේ. ෂේක්ස්පියර් නම් කිව්වේ විවාහයට පෙර කාන්තාවන් 1000 ක් වත් ඇසුරු කර බලන ලෙසයි. එයද සත්‍යයකි. සමහරු නම් කියන්නේ සෑම ගැහැණියක්ම එක වගේ බවත් නම ගම පමණක් වෙනස් බවත් ය. එය නිර්දය කියමනකි. අප සමග සේවය කල එක් වෛද්‍යවරියක් ගැන ඇගේ ප්‍රධානියා කිව්වේ, ලෝකයටම "කුමාරිලා" ඉන්නේ එකෙක් පමණක් බවත්, ඒ ඇය බවත් ය. ඇය එතරම්ම නරක, සටකපට, කෲර ගැහැනියකි. මගේ රාජකාරි ස්ථානයට, මට පසු ඇය පත්වී ඒමට නියමිතව සිටියත් ඇය නාවේය. මේ බව, මම ගමක පැවති ජංගම ශායනයක් අවසානයේ පැවති දිවා භෝජනය ලබා දුන් නිවසේදී කීවෙමි. ඔවුන් මට කීවේ, ඇය විශ්ව විද්‍යාලයට යාමට පෙර එම ගමේ විද්‍යාලයක ගුරුවරියක් ලෙස සේවය කල බවත්, එහිදී කල කී දේවල් අනුව නැවත මෙම ගමට ඇයට පැමිණීමට නොහැකි බවත් විය. ඇය මෙහි නොඒමට හේතුව මට ඉන් පැහැදිලි විය.
මෙම කලහකාරී බව ගැහැණියට පමණක් අදාල නොවේ. පිරිමින්ද එසේ හැසිරේ. එවිට එම පවුලේ දරුවන්ට හා බිරිඳට අනේක දුක් විඳින්නට සිදුවේ. බීමත් බවද මීට එක් වූ විට තත්වය තවත් බරපතල වේ. එවන් අසරණ ගැහැණුන් අනන්තවත් මගේ අධිකරණ වෛද්‍ය රාජකාරිය තුල හමුවී ඇත.
දරුවන්ට කලහකාරී පරිසර වලට මුහුණ දීමට ඉඩ නොදෙන ලෙස මනෝ විද්‍යාඥයින් උපදෙස් දෙන්නේ මේ නිසාය.
විවාහයට පෙර, අපේක්ෂිත ප්‍රියයාගේ පවුලේ පසුබිම සොයා බැලීම නුවණැති ක්‍රියාවකි. මන්ද යත් සමහරුන්ගේ සැබෑම හැසිරීම් රටාව එළියට එන්නේ විවාහයෙන් පසුව පමණක් නිසාය. එතෙක් ඔවුහු මනා බොරු රඟපෑමක් කරති. වැදගත් දෙමාපියන්ගේ වැදගත් දරුවන් ගැන බිය වීමට කරුණක් නැත්තේ ඔවුන් well balanced මිනිසුන් නිසාය. විවාහ ජීවිතයේ ප්‍රශ්ණ නැති අය නොමැත. නමුත් ඒවා සාමයෙන්, සුහදව කළමණා කරණය කර ගැනීමට තරම් හොඳ සංහිඳියාවක් පවුල තුල පැවතිය යුතුය.
https://www.facebook.com/100001356990523/posts/2652437974811410/?app=fbl

Comments
Post a Comment