පවුලේ සමගියට දායක වීම
           ඔබට පවුලේ සමගියට දායක විය හැක්කේ කෙසේද? පළමුවම මතක තබා ගත යුත්තේ සුළු අඩුපාඩුවක් වුවද නැවත නැවතත් සිදුවන විට එය හිත් බිඳීමට හේතු විය හැකි බවයි. ඔබ මතක තබා ගත යුත්තේ අවුරුදු ගණනක් දත් බෙහෙත් ටියුබයේ අගින් මිරිකීම වෙනුවට මැදින් මිරිකීම නිසා එය දික්කසාදයකට තුඩු දුන් බවට අධිකරණ වාර්තා ඇති බවයි.
           සමහර විට බිරිඳට ඔබෙන් වැඩ ගැනීමට අවශ්‍ය නැත. නමුත් ඔබ ඇය ලඟ සිටීම, තම හුදකලාව නැතිකර ගැන්මට ඇයට උදව් වේ. එය පවා සිතට ආදරය උපදවයි. එයින් ඔබ ප්‍රයෝජන නොගන්නේ ඇයි? පොල් ටිකක් ගාදීම වැනි සුළු වැඩක් පවා ඇයට මහත් අස්වැසිල්ලකි. දැන් මා ඉඳහිට මුළුතැන් ගේ උයන නිසා මට එය හොඳින් වැටහේ. අන් අයගෙන් වැඩකට සහයෝගය අයදින අවස්ථාවේ එය නොලැබී, පසුව ලැබීමෙන් අපේ සිතේ නොසතුටු බව පහ නොවේ. සමහරවිට ඔබ රූපවාහිනිය නරඹනවා විය හැක. පෝන් එකෙන් මිතුරෙකු හා සල්ලාපයේ යෙදෙනවා විය හැක. ඒවා විනාඩි 10 කට කල් දමා ඇයට පොල් ගෙඩියක් ලෙලි ගසා දීම, ආහාර කලට වෙලාවට සකසා දීමට මහෝපකාරී වේ. එය පසුවට කල් දැමීමෙන් වන පාඩුව බඩගිනි වී ආහාර බලාපොරොත්තුවෙන් සිටින ඔබට හොඳින් දැනෙනු ඇත.
               අපගේ ඉල්ලීමකට අනුකූලතාව  දක්වන කෙනෙකු ගැන අපට ඇති වන්නේ ප්‍රසාදයකි. එය බිරිඳටද අදාලය. එය නොසලකා හැරීම හෝ කල් දැමීම කෙනෙකු කරන සේවය නොතකා හැරීමකි, අගය නොකිරීමකි, සාමුහික හැඟීම කෙලෙසීමකි. එවැනි සිදුවීම් දිගින් දිගටම සිදුවීමේදී ඔබ ගැන අප්‍රසාදයක් බිරිඳ තුල ඇතිවේ. එය, ඔබට ඇය තුල ඇති ගව්රවයට හා ආදරයට හානියකි. ඉන්පසු ඇයගේ නොසතුට, නොරිස්සීමක් ලෙස ඔබට පෙන්වනු ඇත. එය සමගියටද බාධාවකි. සමහරවිට ඔබ ලිංගිකව ඇයව තෘප්තිමත් නොකර ඔබ පමණක් තෘප්තිමත් වන අයෙකු නම්, ඇය ඔබ වෙනුවෙන් ඉවසා සිටීම අවසන් කරනු ඇත. තමාගේ දරා ගැනීම් වලට, ඔබගෙන් කිසිම සාධාරණයක් ඉටු නොවන බව දැනීමන් අපේක්ෂා භංගත්වයකට පත් විය හැක. විවාහයට පිටින්, ඇයව අවබෝධ කරගන්නා අයෙකු කෙරේ නැඹුරු විය හැක. සෑම ස්ත්‍රියකටම, මනෝභාවයේ හෝ ජීවත් වන සොර සැමියෙකු ඇතැයි සිග්මන් ප්‍රොයිඩ් පවසයි. ඒ ඇයගේ, පරමාදර්ශී සැමියාය. එයද සාධාරණය.

Comments

Popular posts from this blog

මුත්‍රා ගල් (Urinary Calculi)

දෙමාපියන් ගැන.......