සිය දිවි නසා ගැනීම
අප දිවි නසා ගැනීමට බිය නිසා හා ජීවත් වීමට කැමති නිසා ජීවත් වෙමු. නමුත් ඔවුන්ට ජීවත් වීම පීඩාකාරී නිසා ඔවුහු දිවි තොර කර ගනිති. ඔවුන්ට ජීවිතය වේදනාකාරී වේ. සමාජයේ අප සැමටම එක් වරක් හෝ දිවි තොර කර ගැනීමට සිතේ. මේ නිසා එය සාමාන්‍ය දෙයකි.
අප එදිනෙදා මුහුණ පාන යම් යම් අභියෝග නිසා සිත දුකින් පිරේ. අපට ලැබෙන සොම්නස් දේ නිසා සිත සතුටින් පිරේ. මෙය මුහුදු රළේ ඉහල නැගීම හා අවපාත මෙන් විචල්‍ය වේ. නමුත් ඉඳහිට නගින උදම් රළ හා මුහුද හිස් වීම මානසික අවපාතයකට උපමා කල හැක. එය හානිකර වන්නා සේම Depression ද ජීවිතයට හානිකර වේ. මන්ද යත් ඔබට ජීවිතය එපාවී එය තොර කර ගැන්මට සිතෙන බැවිනි.
ඔබට ඇති ප්‍රශ්ණ වලට විසඳුම් නොපෙනෙන කල (විසඳුම් ඇති මුත් ඒවා අවාසනාවට මෙන් අවබෝධ නොවේ) එය මානසික ප්‍රශ්ණයක් බවට පත්වේ. එයටද විසඳුම් නොමැති කල එය සුළු මානසික රෝගයක් බවට පත්වේ. එය කලක් ගත වන විට උග්‍ර මානසික රෝගයක් බවට පත්වේ. එහි අග suicidal thoughts ඇතිවේ. මේ නිසාය රජ සමයේ අයෙක් දිවි නසා ගත හොත්, ඔහුට සහාය නොවීම ගැන රජු මුළු ගමටම දඬුවම් කලේ. මන්ද යත් සමාජයෙන් හොඳ රුකුලක් ලැබේ නම් දිවි හානි කර ගැනීම් වළකා ගත හැකි බැවිනි. මේ නිසා එකළ රජු ගත් පියවර සාධාරණය.
අපට අන් අය අවබෝධ කරගත හැකි නම් එය ඔවුන්ට මහත් සහනයකි. සිත සෑදෙන එක් වචනයක්, සුළු උපකාරයක්, අන් කටයුතු අගය කිරීමක් පවා සිතට සතුටක් ගෙන දේ. විවේචනය බොහෝ විට අනර්ථයක් ගෙනදේ. මන්ද යත් ඔබ බොහෝවිට යමෙකු විවේචනය කරන්නේ, ඔබගේ සිතේ අසහනය නැති කර ගැනීමට මිස අන් අය නිවැරදි කරවීමට නොවේ.
අපේ ජීවිත වලට වටිනාකමක් දෙන අයට අපද වටිනාකමක් දිය යුතුය. එය අපේ යුතුකමකි. එය අතපසු වූ පසු ඔවුන්ට යමක් සිදුවූ කල පසු තැවීමෙන් පලක් නොවේ. මා පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කල කාලයේ මෙය බොහෝවිට අත්දැක ඇත. ඔවුන් එවිට කම්පා වෙමින් කියන්නේ, මේ බවක් දන්නේ නම් එසේ නොකරන බවයි. "අප්පමාදෝ අමත පදං" බුදුවදන කෙතරම් නිවැරදිද? අනලස්ව කටයුතු නොකිරීම පසුතැවිමට හේතුවේ.
අපේ ජීවිත බොහෝ වටී. අප උගත් ශාස්ත්‍රය, නිපුනතා වලින් සමාජයට බොහෝ වැඩදායක දේ කල හැක. ඒ නිසා බොහෝ දුක්ගැහැට මැද වුවත් මෙය ජීවත් කරවිය යුතුය. අප කන්දක් නැගි පසු ආ මග දෙස බලා ආඩම්බර විය හැක. එසේම, පසුව අප ක්ෂේම භූමියකට සේන්දු වූ පසු, දිවි තොර කර ගැනීමට සිතීම පවා කොපමණ බොළඳ දැයි අපට සිතේ. ජීවිතය තිබෙන්නේ විඳීමටය, විඳවීමට නම් නොවේ. ලැබුණු දෙයින් සතුටු විය යුතුය. නොලැබුණු දේ ගැන පසුතැවීම මහත් මෝඩ කමකි.

Comments
Post a Comment