හන්දි ප්‍රදාහය
                      ඔබේ හන්දි ඉදිමීමට හේතු රාශියක් වේ. ඉන් බහුල තත්ව කීපයක් ගැන සලකා බලමු. අප වයසට යද්දී අවයව වල යම් ක්ෂය වීමක් දක්නට ලැබේ. ඒ අනුව එම අවයව වල degenarative changes දක්නට ලැබේ. දියවැඩියාවේ සාංකූලයක් ලෙසද සන්ධි ආබාධ දක්නට ලැබේ.
            අපේ දනහිස් සන්ධි වලට වැඩි බරක් දරා ගැනීමට සිදුවී ඇත්තේ අප දෙපයින් සිටගෙන සිටින නිසාය. සිව්පා වලින් සිට ගන්නා සතෙකුගේ සන්ධි දරන බරට වඩා දෙගුනයක් බර දනහිස දරයි. ඇවිදින විට අපේ බර මෙන් 3 ගුණයක්ද, දුවන විට 5 ගුණයක්ද එම සන්ධි බර දරයි. මෙයින් ගම්‍ය වන කරුණ නම් අපේ බර වැඩි වන විට එය තීරණාත්මක ලෙස දණහිසට බලපාන බවයි.
            වයසට යන විට වැළඳෙන හන්දි ප්‍රදාහය chronic osteo arthritis ලෙස හැඳින්වේ. එහි විශේෂත්වය නම් සන්ධිය වැඩි වෙලාවක් ක්‍රියාත්මක වන විට, ඉදිමීම, වේදනාව හා ක්‍රියා විරහිත වීමයි. විවේක ගන්නා විට අමාරු අඩුවේ. Tubigrip වැනි දණහිස් ආවරණයක් යොදා Non steroidal anti inflammatory ඖෂධයක් භාවිතා කිරීමේදී සුව අතට හැරේ. මෙහිදී සැලකිය යුතු වැදගත්ම කරුණ නම්, දණහිස ආශ්‍රිත මාංශ පේශි වල වයායාම කිරීමෙන් (Quadriceps exercises)සන්ධිය ශක්තිමත් වන බවයි.
         සන්ධියට විෂබීජයක් යාමෙන් ඇති වන ප්‍රදාහය Septic arthritis වේ. එහිදී නම් සැරව ඉවත් කිරීම, ප්‍රතිජීවක ඖෂධ භාවිතාව, විවේකය අවශ්‍ය වේ. crepe bandage එකක් නියමිත V අකුරේ හැඩයට යෙදීමෙන් වේදනාව අඩුවේ.
           නිදන්ගත ප්‍රමේහ රෝග බොහෝ විට සන්ධි වල විකෘති ඇති කරයි. මේ නිසා ප්‍රශස්ථ ප්‍රතිකාර, කලක් තිස්සේ ගැනීමට සිදුවේ.  සන්ධි නිසොල්මන්ව තබා නැවත ක්‍රියාත්මක කිරීමේදී අධික වේදනාවක් දැනේ. මෙයට හේතුව, අපේ සිරුරේ ඇති ප්‍රතිශක්ති පද්ධතිය විසින් අපේ සන්ධි පටක, ආගන්තුක දේහ ලෙස වැරදියට හඳුනා ගැනීමයි. (Mis memory as foreign bodies) හොඳම නිදසුන Rheumatoid arthritis & sero negative arthritis යන රෝගයි. මෙහිදී සාමාන්‍ය ප්‍රතිකාර (NSAID) නොසෑහේ.  සන්ධි විකෘති වලක්වන Disease modifying drugs අවශ්‍යවේ. එම ඖෂධ වල පරාසයක් වේ. මැලේරියා රෝගයට භාවිතා කරන Chloroquine, හා tetracycline වැනි ප්‍රතිජීවක, පිළිකා රෝගයේදී භාවිතා කරන cyclophos phamide, Methotrexate වැනි ඖෂධ, හා අසාත්මිකතා වලට භාවිතා කරන Prednisolone වැනි steroids මේ සඳහා භාවිතා කෙරේ.  විශ්මයකට මෙන් මෙම ප්‍රතිකාර ගුණාත්මකය, විකෘති වලක්වා රෝගය සුව කරයි. නමුත් සමහර විට ශල්‍යකර්මද අවශ්‍ය විය හැක. නමුත් physiotherapy සැම විටම අත්‍යාවශ්‍යය.
       අප වෛද්‍ය ශිෂ්‍යයින් කල, ලමුන්ගේ  Rheumatic arthritis  බහුලව දක්නට ලැබුණි. එය උගුරට නිතර වැළඳෙන streptococcal sore throat වල සාංකූල තත්වයකි. එමගින් හෘදයේ කපාට සිහින්වීම (Rheumatic heart disease & mitral stenosis) බහුල විය. උණ දණහිස ඉදිමීම සමග හෘදයේ හා මොළයේ (Rheumatic chorea) ආබාධද දක්නට ලැබුණි. මොවුන්ගේ කාලීන ප්‍රතිකාරය මාසික Penicillin injection විදීම විය. කපාට පලල් කිරීම හා කෘතීම කපාට යෙදීම විරලව සිදුවිය.
           වෙනත් Auto immune රෝග වල සාංකූල ලෙසද සන්ධි ඉදිමීම දක්නට ලැබේ. පොතු කබර (Psoraisis), Systemic lupus erythematosus, systemic sclerosis වැනි රෝග වලදීද මෙය දක්නට ලැබේ.
           ක්‍රීඩා වලදීද සන්ධි ආබාධ බහුලව දක්නට ලැබේ. අනතුරු, වැරදි ව්‍යායාම ආදිය ඊට හේතුවයි. වැරදි ඉරියව් වල සිට වැඩ කිරීමද සන්ධි ආබාධ ඇති කරයි. (Lack of ergonomics). වැරදි ක්‍රමයේ පතුල් ඇති පාවහන්ද ඔබට සන්ධි ආබාධ ඇති කරයි. පැරණි බාටා සෙරෙප්පු වල පතුලේ හැඩය, පාවහනක තිබිය යුතු නිවැරදි හැඩයයි. එනම් විළුඹ පැත්තෙන් උස්වූ, පයට ගැටෙන පතුල සමතල වූ හැඩයයි. බොහෝ පිරිමි සපත්තු වල (John white shoes) අඩිය සෞඛ්‍යාරක්ෂිත වේ. බොහෝ කාන්තා පාවහන්, පතුලේ ආබාධ ඇති කරයි. ඔවුන්ට ඒ ගැන කිසිදු අවබෝධයක්ද නැත!
අපේ පතුල සෑදී ඇත්තේ බර ඇඟිලි හා විළුඹ මත බෙදී යන ආකාරයටයි. මේ සඳහා පතුල මැද Arch එකක් ඇත. මෙය flattened වූ කල විළුඹ ඉදිමී වේදනාව ඇතිවන්නේ, ඇඟේ බර කෙලින්ම විළුඹ මත යෙදවී එහි පටක තැලී ප්‍රදාහය වීම නිසාය. උදේ අවදිවී ඇවිදින විට විළුඹේ මහත් වේදනාවක් උපදී. ඔබ මඳ වෙලාවක් ඇවිදිද්දී, පතුලේ රැස්වී තිබූ prostaglandin වැනි වේදනාව දනවන රසායනික එයින් ඉවත්වී යන බැවින් (Washed out) වේදනාව පහව යයි. නමුත් නිශ්චලව සිට නැවත ඇවිදිද්දි, වේදනාව නැවත ඇති වෙයි.
            පා ආවරණ, පාද තැවීම, NSAID ඖෂධ, ඔබට සහනය ගෙන දේ. නමුත් නිවැරදි පාවහන් පැළඳීම හා පතුල් වලට විශේෂිත ව්‍යායාම කිරීම නියම ප්‍රතිකාරයයි.

Comments

Popular posts from this blog

මුත්‍රා ගල් (Urinary Calculi)

දෙමාපියන් ගැන.......