අරුම පුදුම තයිරොක්සීන්...
           අපේ බෙල්ලේ ඉදිරිපස සමනල හැඩයෙන් පිහිටි තයිරොයිඩ් ග්‍රන්ථිය Master gland ලෙසද හැඳින්වේ. ඊට හේතුව එය අප සිරුරේ අනෙකුත් අවයව වල ක්‍රියාවන්ද පාලනය කරන බැවිනි. ඊට ඉහලින් මොළයේ පිහිටි හයිපොතැලමස මගින් ශ්‍රාවය වන thyrotropin releasing hormone වල බලපෑමෙන් පිටියුටරි ග්‍රන්ථියද, එය මගින් ශ්‍රාවය වන Thyroid stimulating hormone මගින් තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාවන්ද පාලනය කෙරේ. මෙය feed back mechanism වර්ගයේ පාලනයක් වේ. එය තයිරොක්සීන් හෝර්මෝනය නිපදවයි. එය සක්‍රිය කරන්නේ අක්මාව හා වකුගඩු විසින් tri-iodothyronine ලෙසයි.
             තයිරොක්සින් හෝර්මෝනයෙන් , අපගේ සිරුරේ පරිවෘත්තීය ක්‍රියා වේගය (Basal metabolic rate = BMR)
පාලනය කෙරේ. එයින් ආහාර වලින් නිපදවෙන කැලරි, ශක්තිය හා තාපය ලෙස නැවත බෙදා වෙන් කරයි. (Coupling of heat & energy) මේ නිසා එය අඩුවූ විට තාපය නිපදවීමද අඩුවන බැවින් අපට ශීතලට ඔරොත්තු දීම දුෂ්කර වේ. මොවුන් උණුසුමට කැමතිය. අනිත් අතට එය වැඩිවූ විට, සිරුරේ තාපය නිපදවීම වැඩි වීමෙන් ශීතල පරිසරයට කැමැත්තක් ඇතිවේ. මොවුන් උණුසුමට කැමති නැත. Thyroxine අඩුවූ විටද, වැඩිවූ විටද ඇඟට අධික විඩාවක් දැනේ.
             අනෙක් අතට Thyroxine අඩුවූ වූ විට BMR අඩු වී, ශක්තිය, මේද ලෙස ගබඩා වන බැවින් සිරුර තරබාරු වේ. කෑම රුචිය අඩුවේ. එය වැඩිවූ විට BMR වැඩි වන බැවින්, සිරුරේ ඇති මේදය හා සංචිත ආහාර වැඩිපුර දැවෙන නිසා කෑම රුචිය වැඩි වේ. නමුත් සිරුර කෘෂ වේ.
             හෘදයට වන බලපෑම්ද එසේය. Thyroxine අඩුවූ විට ස්ඵන්දනය අඩුවේ. එය වැඩිවූ විට ස්ඵන්දනය වැඩිවී එය දැනීමට (Palpitation) පටන් ගනී.එය ඉතා වැඩි වූවිට හෘදය අක්‍රමවත්ව ගැහීමෙන් Cardiac Arrhythmia නමැති රෝගී තත්වය ඇතිවේ.
               ස්ත්‍රී ලිංගික පද්ධතියේ ඇතිවන වෙනස් කම් නම් Thyroxine අඩුවූ විට මඳ සරු බව (Subfertility) හා ඔසප් චක්‍රයේ අක්‍රමිකතා ඇතිවේ. එය වැඩි වූ විටද ඔසප් චක්‍රයේ අක්‍රමිකතා ඇති වේ.
          හැසිරීම් රටාවේද වෙනස් කම් පැහැදිලිව පෙනේ. Thyroxine අඩුවූ විට අමතක වීම, මෝඩ ගති ( Dull mentality) ඇතිවේ. මානසික අවපාතයටද යා හැක. මෙහි තීරණාත්මක බලපෑම ඇත්තේ දරුවා ඉපදීමේදී Thyroxine ශ්‍රාවය අඩුවෙන් ඇති විටදීය. 3 මසක් තුල වහාම සොයාගෙන (Cretins) හෝර්මෝනය ලබා නොදුනහොත් බුද්ධිය අඩුවේ. මන්ද බුද්ධික දරුවෙක් ඇතිවේ.
         Thyroxine වැඩිවූ විට (Thyrotoxicosis) ඇස් ඉදිරියට නෙරා විත් ඇති බව පෙනේ. (Proptosis) කළු ඉංගිරියාවට උඩින් ඇසේ සුදු ඉංගිරියාව පෙනේ. මෙසේ වන්නේ උඩු ඇස් පිය උඩට ඇදීයාම නිසාය. සිරුරේ මාංශ පේශි වල තද ගතියක් (Stiffness) ඇති වේ.
          අයඩින් ඌනතාව නිසාද, Hashimoto thyroiditis නමැති Auto immune disease නිසාද Thyroxine අඩු වීමෙන් Hypothyroidism නමැති රෝග තත්වය  ඇතිවේ. එසේම Auto immune disease නිසාම ඇතිවන Greve's disease නමැති රෝගය නිසා Thyroxine වැඩි වීමෙන් Hyper thyroidism රෝග තත්වය ඇතිවේ. මේවා එහි අර්බුද ලෙසද හැඳින්වේ. වැඩිපුර හෝර්මෝනය නිපදවන ශෛල විනාශ කිරීමට Carbimazole ඖෂධය තාවකාලිකව ලබාදේ. මේ තත්ව වලදී ඇතිවන තයිරොයිඩ් ග්‍රන්ථිය විශාල වීම Goitre ලෙස හැඳින්වේ.
             නව යොවුන් වියේදී Thyroxine අවශ්‍යතාව වැඩි වීම නිසාද ග්‍රන්ථිය විශාල විය හැක. එය Physiological goitre ලෙස හැඳින්වේ. එහිදී ප්‍රතිකාර අනවශ්‍ය නමුත් ග්‍රන්ථියේ විශාලත්වය අඩු කිරීමට තාවකාලිකව thyroxine ලබා දිය හැක. තයිරොයිඩ් ග්‍රන්ථිය ශල්‍යකර්මයකින් ඉවත් කලහොත් ජීවිත කාලයටම Thyroxine ලබා දිය යුතුය. මෙසේ thyroxine ඔබේ ජීවිතයට විශාල බලපෑම් ඇති කරයි.
             

Comments

Popular posts from this blog

මුත්‍රා ගල් (Urinary Calculi)

දෙමාපියන් ගැන.......