ආදරයේ සරතැස
මධ්‍යසාර හා පිළිකාව
ප්‍රසිද්ධ පුද්ගලයින් මධ්‍යසාර හා බැඳීම කණගාටුදායකය. සමාජ උත්සව වලදී ඔවුන් අධික ලෙස මත් වෙනු මා දැක ඇත. ඔවුන්ට ආදරේ යයි කියන පුද්ගලයින්ද තව තවත් බීමට ඔවුන්ව කැඳවනුද මා දැක ඇත. ඔබ ඔවුන්ට සැබවින්ම ආදරේ නම් කල යුත්තේ අල්ලාපය දිගටම පවත්වමින් ඔවුන්ගේ බීම මිලි ලීටර් 50 කට සීමා කිරීමයි.
කලා ලෝකයේ අපි බෙහෙවින් ආදරේ කල කලාකරුවන් අකාලයේ මියැදෙනු මම දුටිමි. ඔවුන් එසේ අපෙන් වියෝ උනේ අධික මධ්‍යසාර භාවිතය නිසා බව කණගාටුවෙන් වුවද කියමි. මේ ලෝකයේ විනෝදාස්වාදය සඳහා දේවල් ඇත්තේ ඒවා අපේ වහලුන් කර ගැනීමට මිස, අපි ඒවායේ වහලුන් වීමට නොවේ. මෙසේ කියන විට බොහෝ අය මා සමග වාද කරනු ඇත. එහෙත් තිත්ත ඇත්ත එයයි. බීම නිසා හමුවීම මිහිරි වේයයි මිනිස්සු වැරදි විනිශ්චයක සිටිති. ඇත්තෙන්ම සතුට ඇත්තේ හමුවීම (Company) තුල මිස බීම තුල නොවේ. ඔබ මිතුරන් සමග අල්ලාපයේ යෙදෙමින් කෝඩියල් බීමක් ගත්තද ඔබට සතුට දැනේ. නමුත් ලේ වල මධ්‍යසාර මට්ටම මි. ග්‍රෑ. 50 දක්වා ඔබේ ආතතිය පහව ගොස් ඔබට සතුටක් දැනෙන බව සත්‍ය නමුත් ඉන් එහාට ඇත්තේ දුකකි. එනම් පළමු මි. ලී. 30 දක්වා පමණි ඔබට මධ්‍යසාර වලින් සතුට දැනෙන්නේ. ඉන් එහාට ඔබ මධ්‍යසාර උගුලේ හසුවනු ඇත. ආවේගශීලී වීම, මානසික අවපාතය වැනි සතුටට එරෙහි වන හැඟීම් ඉන් එහාට මධ්‍යසාර ගනිද්දී ඔබට දැනෙනු ඇත. ලේ වල මට්ටම මි.ග්. 300 ඉක්ම වීමේදී ඔබ මිය යයි. නමුත් මධ්‍යසාර නිෂ්පාදකයාට ඔබ මිය යාම ආර්ථික වශයෙන් අවාසි නිසා ඊට පෙර ඔබේ මොළයේ Vomiting centre උද්දීපනය වන රසායනයක් ඔබේ අරක්කු වලට මිශ්‍ර කර ඇත. මේ නිසා ඊට පෙර ඔබ වමනය කරන බැවින් ලේ වල මධ්‍යසාර සාන්ද්‍රණය මි. ග්. 300 නොඉක්මවයි. ඒ ඔබේ හිතසුව පිණිස නම් නොවේ.
බොහෝ බඩවැලේ පිළිකා වල උපත අධික මධ්‍යසාර පානයයි. ඊයේද අපට රටක් වටිනා මිනිසෙකු මේ නිසා අහිමි විය. ඊට අමතරව අක්මාවේ සිරෝශිස් රෝගය නිසාද අපට වටිනා කලාකරුවන් අහිමි විය. බෙලහීන බව, අකලට මහළු වීම, Dementia අනෙකුත් අවාසනාවන් වේ.
මේ නිසා මා අවධාරණය කරන්නේ ඔබ කලාකරුවන් සමග ප්‍රිය සම්භාෂණ වල ඇති තරම් සතුටු වන්න, එහෙත් අධික බීමත් කම සඳහා ඔවුන්ව පොළඹ වන්න නම් එපා! ඒ අප ඔවුන්ට සැබවින්ම ආදරේ නිසාය.

Comments
Post a Comment